මේ දිනවල රට පුරා කතාබහට ලක් වී තිබෙන රෝගයක් ඒ එච් 1 එන් 1 ඉන්ෆ්ලුඑන්සා උණ රෝගය. පසුගියදා අගනුවර මාතෘ රෝහලක ගර්භණී මාතාවන් දෙදෙනෙකු මෙම රෝගයෙන් මිය යාමත් වැසි සමය එළැඹීමත් සමඟ එවැනි රෝග පැතිර යාමේ වැඩි ප්‍රවණතාවක් පැවතීමත් නිසා මේ පිළිබඳව කාගේත් අවධානය වැඩිපුර යොමු වුණා.
සාමාන්‍යයෙන් වෛරස් උණක් පැතිර යන විට ඊට වැඩිපුර ගොදුරු වන්නේ කුඩා දරුවන්.මේ රෝගය පිළිබඳවත් එය කුඩා දරුවන් ට බලපාන ආකාරයත් දැන ගැනීමට අපි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා හමු වුණා.මේ සාකච්ජාවට අදාළ දත්ත සපයා දීමට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ආසාදන පාලන ඒකකයේ ප්‍රධාන හෙද නිලධාරිනී කේ. ඒ. කේ. එල් සරච්චන්ද්‍ර මහත්මියත් හෙද නිලධාරිනී ඩී.වී.ආර්. මැණිකේ මහත්මියත් අප හා එක් වුණා.
ඉන්‍ෆ්ලුඑන්සා ඒ. එච් 1 එන්1 යනුවෙන් හඳුන්වන්නේ කවර රෝගයක් ද?
මෙය වෛරසයක් මඟින් බෝ වන සාමාන්‍ය කැස්ස සෙම්ප්‍රතිශ්‍යා උණට බොහෝ දුරට සමාන වන රෝගයක්. ඉන්ෆ්ලුඑන්සා වෛරසය විවිධ ප්‍රභේදඔස්සේ ස්වසන පද්ධතිය ආසාදනය කරනවා. මෙහි රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන්‍යයෙන් කාලීනව පැතිර යන සෙම්ප්‍රතිශ්‍යා උණට බොහෝ දුරට සමානයි.
එහි ඇති විශේෂත්වය කුමක් ද?
විශේෂත්වය වන්නේ මෙම වෛරසය මිනිස් සිරුරට ඇතුළු වූ විට ඇතැමුන් ට ඉතා දරුණු සංකූලතා ඇති වීමයි. එමෙන්ම මෙය ඉතා ශීඝ්‍රයෙන් ජනතාව අතර පැතිරීමත් රටකින් රටකට වේගයෙන් පැතිරී යාමත් විශේෂ යි.
එම සංකූලතා මොනවාද?
සාමාන්‍ය ශරීර උෂ්ණත්වය සෙන්ටි ග්‍රේඩ් අංශක 38 ට වැඩි උණ, කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාවේ සිට නිව්මෝනියාව , හුස්ම ගැනීමේ අපහසුතාවෙන් සිදුවන මරණය දක්වා වූ සංකූලතා.
මෙහි රෝග ලක්ෂණ මොනවාද?
සෙ. ග්‍රේ. අංශක 38 ට වැඩි උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සොටු දියර ගැලීම, උගුරේ ආසාදනය, ඇඟපත රුදාව, හිසරදය, සීතල සහ මහන්සිය. මේ රෝග ලක්ෂණ උග්‍ර වූ විට නිව්මෝනියාව සහ ස්වසන පද්ධතියේ අකර්මණ්‍යතාව ඇති විය හැකියි.
රෝගය බෝ වන්නේ කොහොමද?
මෙම වෛරසය ප්‍රධාන වශයෙන් ඒ බී සී යන ප්‍රභේද තුනකට බෙදෙනවා. ඒ වෛරසයේ ප්‍රධාන වාහකයා වන්නේ ජලජ පක්ෂීන්. ගෙවල ඇති කරන කුකුළන් අතරත් මෙම වෛරසය වේගයෙන් පැතිරෙනවා. මිනිසාට රෝගය බෝ වන්නේ මෙම ගෘහාශ්‍රිත පක්ෂීන්ගෙන්. මෙම සතුන්ගෙන් පැතිරෙන වෛරසයේ උප ප්‍රභේද මිනිස් සිරුරට ඇතුළුවෙනවා. මේ නව වෛරස ප්‍රභේද සඳහා මිනිසා තුළ ස්වභාවික ප්‍රතිශක්තියක් නැති හෙයින් එය මිනිසුන් අතර ශීඝ්‍රයෙන් පැතිරෙනවා.රෝගීන් කසින කිවිසින විට පිට වන බිඳිති මඟින් විෂ බීජ මිනිස් සිරුරට ඇතුළු වෙනවා.
මෙම රෝගය මාරාන්තික ද?
ඔව්. අවදානම් කණ්ඩායම්වල රෝගීන් ට එහි මරණීය අවදානමක් තිබෙනවා.
අවදානම් කණ්ඩායම් කවුද?
ගර්භණී මවුවරුන්.
අවුරුදු දෙකට අඩු දරුවන්.
අවුරුදු හැට පහට වැඩි අය.
පෙනහලු ආබාධ, හෘද රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු ආශ්‍රිත රෝග, අක්මාව සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළෙන අය.
සාමාන්‍ය වෛරස උණකින් ඒ එච්1 එන්1 රෝගය වෙන්ව හඳුනා ගන්නේ කෙසේද?
එය වෛද්‍යවරයා විසින් තීරණය කළ යුතුයි. සෙන්ටි ග්‍රේඩ් අංශක 38 ට වැඩි උණක් හෝ ඉහත කී රෝග ලක්ෂණ සමඟ ඇත් නම් නිවසේ දී අත් බෙහෙත් කරමින් නොසිට වහාම වෛද්‍යවරයකු වෙත යා යුතුයි. දින තුනකට වඩා උණ ඇත් නම් ඩෙංගු සඳහා පරීක්ෂා කිරීමත් රෝහලකින් සෙම පටල පරීක්ෂාවක් කර ගැනීමත් වැදගත්.
ඔබට ඇත්තේ සාමාන්‍ය උණක නම් වෛද්‍යවරයා බෙහෙත් සහ උපදෙස් දී ඔබ නිවසට යවනු ඇති. ඉන්ෆ්ලුඑන්සා උණ තදින් ඇත්නම් රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට ඔබට සිදුවනු ඇති.
රෝගයෙන් වැළකිය හැක්කේ කෙසේද?
අවදානම් කණ්ඩායම්වල අය රෝගීන් ගැවසිය හැකි පොදු ස්ථානවල ගැවසීමෙන් වැළකී සිටීම.
උණ හෝ රෝග ලක්ෂණ පහළ වූ සැණින් වෛද්‍ය උපදෙස් පැතීම.
රෝගයට ගොදුරු වුව හොත් පාසලට, කාර්යාලයට හෝ ජනතාව ගැවසෙන ස්ථාන වෙත නො ගොස් හැකිතාක් විවේකීව සිටීම.
ගර්භණී මවුවරුන් සහ කුඩා දරුවන් ගේ මවුපියන් කල් තියා දැනුවත් කිරීම.
රෝගීන් කසින කිවිසින විට කඩදාසි හෝ ලේන්සුවකින් මුව ආවරණය කර ගැනීම. සෙම් සොටු තැවරුණු ද්‍රව්‍ය විනාශ කිරීම.
රෝගියා භාවිතා කළ ලේන්සු තුවා ආදිය හවුලේ භාවිතා නොකිරීම.
පොදු ප්‍රවාහන සේවාවල ගමන් කළ විට හෝ පිටත ගොස් පැමිණි විට දෑත් සබන් යොදා සේදීම.
රෝගය කුඩා දරුවන් ට බලපාන්නේ කොහොමද?
කුඩාම දරුවන්ගේ ස්වසන පද්ධතියට වෛරසය ඇතුළු වීමෙන් නිව්මෝනියා තත්ත්වයට පත් වීමටත්, හුස්ම ගැනීමට අපහසු වීමෙන් මරණයට පත් වීමටත් ඉඩ තිබෙනවා.
ළමා රෝහලේ රෝගීන් අතර මෙම රෝගයට ගොදුරු වූ දරුවන් මරණයට පත් වුණාද?
නෑ.
උණ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුණු රෝගීන් කී දෙනකු පමණ දිනකට රෝහල වෙත පැමිණෙනවාද?
බාහිර රෝගී අංශයට දිනකට රෝගීන් දහසක් හෝ ඊටත් ටිකක් වැඩියෙන් පැමිණෙනවා. එයින් 7-10 ක් පමණ ඩෙංගු රෝගීන්.
මේ හැම දෙනාම සුවපත් වෙනවාද?
බොහෝ විට සුවපත් වෙනවා. අපේ රෝහලේ ඩෙංගු ප්‍රතිකාර ඉතාම හොඳයි. වෙනත් රෝහල්වලින් රෝගය අසාද්‍ය වී එවන ලද රෝගීන් එක් අයකු දෙන්නකු හැර මේ රෝහලට ඇතුළත් වූ රෝගීන් මිය ගියේ නෑ.
ඉන්ෆ්ලුඑන්සා රෝගය පාලනය සඳහා රෝහල කිසියම් විශේෂ ක්‍රියාපිළිවෙළක් අනුගමනය කරනවාද?
එම රෝගය පමණක් නොවෙයි සෑම බෝවන රෝගයක් ම රෝහල තුළ පැතිර යාම වළක්වාලීමට අපි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.උණ මෙන්ම වෙනත් ආසාදන ඇත් දැයි හඳුනා ගැනීමට රෝගීන්ගෙන් රුධිර සාම්පල හා සෙම පටල පරීක්ෂා කිරීමට නිරන්තරයෙන් ම ඒවා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවනවා. මෙම කටයුතු ඉටු කෙරෙන්නේ ආසාදන පාලන අංශයෙන්. මෙම කටයුතු වසංගත තත්ත්වයක් තිබුණත් නැතත් නිරතුරුවම සිදු කෙරෙනවා. ඒ පිළිබඳව අපේ රෝහල වගකිවයුතු අංශවල විශේෂ පැසසුමට ලක්ව තිබෙනවා.
සාකච්ජා කළේ:
සාගරිකා දිසානායක ජයසිංහ

No comments:
Post a Comment
හොද නරක කියලා Comment එකක් දාලා යන්න හොදේ....