Tuesday, August 13, 2013

උඩු අතට නිදාගැනීම ගර්භණී කාලයේදී සුදුසු නොවන්නේ ඇයි ?

ගැබිණි කාන්තාවක් නිදාගැනීමේදී ඇලයට හැරී නිදාගැනීම ගැබිණි මවටත් දරුවාටත් දෙදෙනාටම යහපත්වේ.මෙයින්ද වම් ඇලය වඩා යෝග්‍ය බව වෛද්‍ය මතයයි.

උඩු අතට නිදාගැනීම ගර්භණී කාලයේදී සුදුසු නොවන්නේ ඇයි ?
උඩු අතට නිදාගැනීමේදී ගර්භාෂයතුල වැඩෙනා දරුවාගේ බර නිසා ගර්භාෂයට පිටුපසින් ඇති අපර මහා ශිරාව හා මහා ධමනිය වැනි ප්‍රධානතම රුධිර වාහිනී තෙරපීමකට ලක්වේ.එම නිසා හර්දයේ සිට හා හර්දය වෙත රුධිර ගමනා ගමනයට බාධා ඇතිවේ.එය මවගේ රුධිර පීඩන පහත වැටීමට හේතුවක්වේ.පෙකණි වැල හරහා දරුවා වෙත රුධිර සංසරණයට බාධා ඇතිවේ.දරුවාට පෝෂණය ලබා ගැනීමට බාධා ඇතිවේ.
තවද මව උඩු අතට සිටීමෙන් රුධිර වාහිනී තෙරපීම නිසා දෙපාවල සිට රුධිරය හෘදය වෙත ගමන් කිරීමට බාධා ඇතිවී දෙපා ඉදිමීමට ලක්වේ.එසේම මවට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය හැක.තවද ගර්භාෂයට පිටුපසින් ඇති මාංශ පේෂී තදවීමෙන් වේදනාද,අනෙකුත් රුධිර වාහිනී සහ බඩවැල් තෙරපීමෙන් අර්ශස් හා වෙනත් අපහසුතා බොහොමයක් ඇතිවේ.
එමනිසා හැකිතාක් ඇලයට හැරී නිදාගන්න.හැකිතාක් වම් ඇලයට ඉන්න.නමුත් බොහෝ වේලාවක් වම් ඇලයට සිට අපහසුනම් දකුණු ඇලයට හැරෙන්න.නමුත් උඩු අතට සිටීමෙන් වලකින්න.විශේෂයෙන්ම ගර්භණී සමයේ අවසන් කාලයේ මේ පිලිබඳ අවධානය යොමු කරන්න

No comments:

Post a Comment

හොද නරක කියලා Comment එකක් දාලා යන්න හොදේ....