Tuesday, August 13, 2013

Polycystic ovary syndrome (PCOS)

Polycystic ovary syndrome (PCOS) ලෙස හඳුන්වන රෝගය ශරීරයේ තිබෙන හෝමෝන වල සමතුලිතතාවය බිඳ වැටීම නිසා ඇතිවන තත්වයක්.මෙය ලංකාව තුල කාන්තාවන් ගෙන් 7%ක් ට පමණ දක්නට ලැබෙන බහුල තත්වයක් .Polycystic ovary syndrome (PCOS) නමින්ම එන අර්ථය අනුව මෙම රෝගයේදී ඩිම්බ කෝෂයේ cyst එනම් කෝෂ්ඨ හෙවත් ගෙඩි ආකාරයෙන් දක්නට ලැබෙනවා.මෙහිදී ඩිම්බ කෝෂයේ මතුපිට සුමට භාවය නැතිවී එම නිසා මතුපිට ගොඩැලි ගතියක් පෙන්නුම් කරනවා.මෙවැනි කුඩා කෝෂ්ඨ බොහොමයක් ඩිඹ කෝෂය පුරා පැවතිය හැකි අතර මේවාගේ දියර පිරුනු ගතියක් තිබිය හැකියි.මෙසේ ව්‍යුහමය වශයෙන් ඩිම්බ කෝෂය වෙනස් වීම මෙම රෝගයේදී දැකිය හැකි එක් රෝග ලක්‍ෂණයක් විතරයි.නමුත් එය අනිවාර්‍ය ලක්‍ෂණයකුත් නොවෙයි. එනම් මෙසේ ඩිම්බ කෝෂ වල කෝෂ්ඨ නොතිබුනත් PCOS රෝගය තිබිය හැකියි.ඒවගේම තමයි ඩිම්බ කෝෂ වල කෝෂ්ඨ තිබූ පමණින් ද් PCOS රෝගය ලෙස හඳුන්වන්නත් බැහැ.රෝගය බවට නිගමනය කිරීමට හෝමෝන මට්ටම පිලිබඳව පරීක්‍ෂණවල ප්‍රතිඵල මෙන්ම රෝග ලක්‍ෂණද අවශ්‍ය වනවා.
මූලික රෝග ලක්‍ෂණ ලෙස :
ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හො ප්‍රමාද වීම
ශරීර බර වැඩිවීම /ස්ථුල භාවය
සරු භාවය අඩු වීම ; ගැබ් ගැනීමට අපහසුව
මුහුණේ හා සිරුරේ රෝම වැඩි වීම (කාන්තාවන් ගේත් රැවුල ඇතිවීම)
කොණ්ඩය ගැලවී යාම
කුරුළෑ ඇතිවීම
බෙල්ල , වැලිමිට ප්‍රදේශ කලු සහ රලු වීම
මෙම රෝග ලක්‍ෂණ එක් එක් කාන්තාවන්ට වෙනස් විය හැක.

PCOS ඇති කාන්තාවන්ට insulin හෝමෝනය සම්බන්ධයෙන්ද යම් ගැටලුවක් තිබෙනවා.එ ඔවුන්ගේ සිරුරේ insulin හොමෝනයට ප්‍රතිරෝධයක් ගොඩ නැගීමයි.එම නිසා insulin හෝමෝනය සාමාන්‍යයෙන් ස්‍රාවය උවත් එම හෝමෝනයේ කෘත්‍ය නිසියාකාරව සිදු නොවීම නිසා රුධිරයේ සීනි මට්ටම පාලනය නොකිරීමට අසමත් වීම නිසා ඉහල යාමයි. මෙහි ප්‍රතිඵලය ලෙස PCOS ඇති කාන්තාවන්ට කාලයත් සමග දියවැඩියා තත්වය ඇතිවිය හැකියි.හා එය බර වැඩිවීමට හේතුවක්ද වනවා .
මෙසේ රුධිරයේ සීනි මට්ටම වැඩි වන්න වැඩි වන්න තව තවත් ඉන්සියුලින් හෝමෝනය ස්‍රාවය උවත් එමගින් සීනි මට්ටම පාලනය කිරීමට අපොහොසත් වනවා.
මේ වැඩි වන ඉන්සියුලින් මගින් ඇන්ඩ්‍රොම්ජන් හෝමෝනය (පිරිමි හෝමෝන) නිපදවීම උත්තේජනය කරනවා.අපි දන්නවා නිරෝගී කාන්තාවකගේ සිරුරේ උවත් පිරිමි හෝමෝන (ඇන්ඩ්‍රොජන්) නමින් සුලු ප්‍රමාණයක් නිපද වෙන බව..
මෙම හෝමෝන කාන්තාවන් ගේ සිරුරේ නිපද වන්නේ ඩිම් බ කෝෂ වල සහ අධි වෘක්ක ග්‍රන්ථි වල .. නමුත් මේ නිසා PCOS කාන්තාවන් ගේ මෙම හෝමෝනය සාමාන්‍ය මට්ටමට වඩා නිපද වෙනවා. ඒකයි මුහුණේ රෝම ඇති වීම වැනි පිරිමි ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ.
මේ හෝමෝන වෙනස්වීම් හා ඩිම්බ කෝෂයේ ඇතිවන ව්‍යුහමය වෙනස්කම් නිසා ඩිම්බ මෝචනය අපහසු වනවා. එය තමයි මද සරු භාවයට හේතු වන්නේ.

රෝගය ඇති වීමට හේතු මොනවාද ?
රෝගය ඇති වීමට හේතු මේ යැයි නිශ්චිතව හඳුනාගෙන නැහැ. නමුත් මෙම තත්වයට ජානමය බලපෑමක් ඇති බවට විශ්වාස කරනවා.ඒ බොහෝ විට මව සහ දියණියන් අතර , සහෝදරියන් අතර මෙම තත්වය දැකිය හැකි නිසා.එනම් ඔබේ මවට, සහෝදරියන්ට වැනි පවුලේ අයෙකුට මෙම තත්වය ඇත්නම් ඔබටත් ඇතිවීමේ අවධානම වැඩියි.ඒ හැර තවත් සාධක බලපා හැකියි.

මෙම රෝගය ගැහැණු දරුවෙක් වැඩි වියට පත්වන වයස පරතරය තුල හට ගැනීමේ සම් භාවිතාව වැඩියි . නමුත් ඊට පෙරද, මැදි වයසේදී උවද ඇතිවිය හැකියි.බොහෝවිට හට ගන්නා රෝග ලක්‍ෂණද ඒ අනුව වෙනස් වන්න පුලුවන් !

ප්‍රතිකාර :
රෝගියගේ ඇති රෝග ලක්‍ෂ්ණ අනුව ප්‍රතිකාර සිදු කරනු ලබනවා.එනම්:
෴ ඔසප් චක්‍රය අක්‍රමවත් අයගේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීම සඳහා
෴මුහුණේ රෝම වැඩී ඇති අයට anti-androgen ප්‍රතිකාර
෴දියවැඩියාව සඳහා
෴දරුවන් පිලිසිඳ ගැනීමට නොහැකිවූ කාන්තාවන්ට ඩිම් බ මෝවනය උත්තේජනය කරන ප්‍රතිකාර ක්‍රම හා අනෙකුත් ප්‍රතිකාර ක්‍රම.
෴ විශේෂයෙන්ම මෙහිදී ඔබේ වෛද්‍යවරයා විසින් අනිවාර්‍යයෙන් ඔබේ ශරීර බර අඩු කර ගන්නා ලෙස ඔබට උපදෙස් දෙනු ඇති.ශරීර බර පාලනය ඔබ විසින් කල යුතුම දෙයක් .. එය අනෙකුත් සියලුම රෝග ලක්‍ෂණ පාලනයට ඉවහල් වනවා ..

මුහුණේ අනවශ්‍ය රෝම වැවෙන විට , ඔසප් චක්‍රය අක්‍රමවත් වන විට , ශරීර බර වැඩිවන විට ඔබ අනවශ්‍ය ලෙස මානසික පීඩනයකට ලක් වන්න , දරු ඵල අහිමිවේ යැයි අනවශ්‍ය බියක් ඇති කර ගන්න එපා. PCOS ඇති සියලුම අයගේ සරු භාවය අඩු වන්නේ නැහැ.ඒ වගේම දරු පිලිසිඳ ගැනීම් අපහසු අයට අනවශ්‍ය බියක් ඇති කර ගන්නත් එපා. ඉහත සඳහන් කල ප්‍රතිකාර ක්‍රම නිවැරදිව කලහොත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.
එත් මුල් අවස්තාවලදීම රෝගය හඳුනා ගැනීමට හැකි නම් ඉතා හොඳයි. එවිට කල්ගත වෙත්ම ඇතිවිය හැකි දියවැඩියාව වැනි තත්ව පාලනය කිරීමට පුලුවන් ..
එසේ නොවුනහොත් දියවැඩියාව සදහා දිගුකාලීන ප්‍රතිකාර වලට යොමු කිරීමට සිදු වෙනවා.
ඉතින් ඔබේ පවුලේ යම් අයෙකුට මෙම තත්වය තිබේනම් ඔබත් වෛද්‍ය උපදෙස් වලට යොමු වන්න..

1 comment:

  1. I have been suffering from Polycystic Ovary Syndrome (PCOS) since my 20 years of age. Ever since i got married i have not been able to get pregnant, so i was completely barren due to this genetic disorder. I was prescribed several Clomid Meds but couldn't see any improvement. I would basically go from one outbreak to the next. Finally, on my best friend's recommendation about Dr James herbal mix medicine who cures all kinds of diseases with his herbal medicine, I decided to try his  herbal remedy which is made in liquid form with natural roots and herbs from Dr James. Within a few weeks, I could see improvements in the symptoms.
    My Menstrual Period has been maintained to normal,I used this medicine for two weeks and after some months later i began to have some early symptoms of pregnancy, its been over a year and some months now since i used that medicine and i have successfully given birth to a child,after been childless for many years due to this PCOS Syndrome. I would recommend this medicine to my other friends out there who are suffering from PCOS or any kind of diseases such as Alzheimer’s disease,Bechet’s disease,Crohn’s disease,Parkinson's disease,Schizophrenia,Lung Cancer,Breast Cancer,Colo-Rectal Cancer,Blood Cancer,Prostate Cancer,siva.Fatal Familial Insomnia Factor V Leiden Mutation ,Epilepsy Dupuytren's disease,Desmoplastic small-round-cell tumor Diabetes ,Coeliac disease,Creutzfeldt–Jakob disease,Cerebral Amyloid Angiopathy, Ataxia,Arthritis,Amyotrophic Lateral Sclerosis,Fibromyalgia,Fluoroquinolone Toxicity
    Syndrome Fibrodysplasia Ossificans ProgresS sclerosis,Seizures,Alzheimer's disease,Adrenocortical carcinoma.Asthma,Allergic diseases.Hiv_ Aids,Herpe ,Copd,Glaucoma., Cataracts,Macular degeneration,Cardiovascular disease,Lung disease.Enlarged prostate,Osteoporosis.Alzheimer's disease,
    Dementia.Lupus.
    ,Cushing’s disease,Heart failure,Multiple Sclerosis,Hypertension,Colo_Rectal Cancer,Lyme Disease,Blood Cancer,Brain Cancer,Breast Cancer,Lung Cancer,Kidney Cancer, HIV, Herpes,Hepatitis B, Liver Inflammatory,Diabetes,Fibroid, Get Your Ex Back, If you have (A just reach him ON : drjamesherbalmix@gmail.com And You can call/WhatsApp dr James on +2348152855846 

    ReplyDelete

හොද නරක කියලා Comment එකක් දාලා යන්න හොදේ....