Thursday, August 8, 2013

රුධිරය පරිත්‍යාග කිරීම සඳහා තිබිය යුතු සුදුසුකම් :


































රුධිරය පරිත්‍යාග කිරීම සඳහා තිබිය යුතු සුදුසුකම් :
1.වයස - අවුරුදු 18-60 ත් අතර ස්ත්‍රී /පුරුෂ දෙපක්‍ෂයටම ලේ දන් දීමට හැකිය.
2.ශරීර බර කිලෝග්‍රෑම් 50 ට වඩා තිබිය යුතුය .
3.අවසාන වරට රුධිරය පරිත්‍යාග කොට මාස 4ක් සම්පූර්ණ වී තිබිය යුතුය. (
(රුධිරය පරිත්‍යාග කල හැක්කේ මාස 4 කට වරකි )

මීට අමතරව රුධිරය පරිත්‍යග කරන්නාට රුධිරය ලබා දීම නිසා කිසියම් සෞඛ්‍ය ගැටලුවක් මතුවේදැයි දැනගැනීමට සහ රුධිරය පරිත්‍යාග කල අයගේ රුධිරය ලබා ගන්නාට රුධිරය හරහා සම්ප්‍රේෂණය වන රෝග ඇතිවේදැයි දැන ගැනීමට වෛද්‍යවරයා විසින් අසන ප්‍රශ්නවලට නිවැරදිව පිලිතුරු දෙන්න.
1.ඔබ අධි රුධිර පීඩනයෙන් ,දියවැඩියාවෙන් පෙලෙන අයෙක්ද ?
2.ස්නායු රෝග, වකුගඩු හා අක්මාව ආශ්‍රිත රෝග ,ඇදුම ,පිලිකා,හදවත් රෝග,වලිප්පුව වැනි රෝග ,වෙනත් නිදන් ගත රෝග වලින් පෙලෙන අයෙක්ද නැතිනම් මෙම සඳහන් එක් රෝගයක් හෝ ඔබට පෙරදී හෝ තිබුනාද ?

එසේම රුධිරය හරහා රෝග සම්ප්‍රේෂණය වීමට අවධානමක් තිබෙදැයි සෙවීමට , ඔබේ රුධිරය ලබන රෝගියාට ඔබෙ රුධිරය හේතුවෙන් යම් රෝගී තත්වයක් ඇති කරයිද , එසේත් නොමැතිනම් පවතින රෝගයක තත්වය තවත් අසාද්‍ය කරයිදැයි එයට අවධානමක් ඇතිදැයි යන්න සෙවීමට ඔබෙන් අසන ප්‍රශ්න වලට නිවැරදි තොරතුරු ලබා දෙන්න.
1. ඔබ එක් සහ කරුවකුට වඩා වැඩි ගණනක් සමග ලිංගික සබඳතා පවත්වා ඇත්නම් හෝ සම ලිංගික සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු නම්
2.කෙදිනක හෝ මත් ද්‍රව්‍ය ගත් පුද්ගලයකු නම්
3.කෙදිනක හෝ සෙංගමාලය හෝ කහ උණ සෑදී ඇතිද යන්න
4.පසුගිය වසරක කාලය තුලදී පච්ච කෙටුවේද ?කන් ,තොල , නහය විදීම සිදු කලේද යන්න .

මෙම තොරතුරු ලබා ගැනීමේදී වෛද්‍යවරයා විසින් ඔබේ පෞද්ගලික භාවය සහ රහස්‍ය භාවය එලෙසෙම සුරකින අතර ඔබ එ පිලිබඳව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්න .
එසේම මීට අමතරව ;
ඔබ මීට පෙරත් රුධිරය දායක කර ඇතිද යන්න,
පසුගිය මාස 6 ක් පමණ කාලය තුල කිසියම් ශල්‍යකර්මයකට මුහුණ දුන්නේද යන්න,
මෑතක මාසයක පමණ කාලය තුල සෑදුනු රෝගාබාධ පිලිබඳ විස්තර ,ඔබට කිසියම් තුවාලයක් පවතීද යන්න,
ඔබ භාවිතා කරන ඖෂධ වර්ග පිලිබඳ ඇතුලු වෛද්‍යවරයා විසින් අසන අනෙකුත් සියලුම විස්තරද වෛද්‍යවරයාට නිවැරදිව දන්වන්න.
එවිට ඔබගෙන් තවත් පුද්ගලෙයෙකුට රොගයක් බෝවීමේ අවධානම අඩු කර ගත හැකිවනු ඇත.
එය ඔබ රුධිරය දන් දෙනවා වැනිම වූ අති උතුම් සමාජ මෙහෙවරකි.

රුධිරය දන් දෙන දිනයේදීද දායකයා නිරෝගීමත්ව අධික ලෙස විඩාවට පත් නොවී සිටිය යුතු අතර රුධිරය ලබා දීමට පැය 4 කට පමණ පෙරවත් ප්‍රධාන ආහාර වේලක් ලබා ගෙන තිබිය යුතු වේ. එසේම රුධිරය දන් දීමට පැමිනීමේදී ඔබේ පිරිසිඳු බව ඉතාම වැදගත් වේ..

No comments:

Post a Comment

හොද නරක කියලා Comment එකක් දාලා යන්න හොදේ....