නිතරම ඇලජික් ද සමේ රෝග සන්ධි රෝග ද
ඇන්ටි නියුක්ලියර් ඇන්ටිබොඩීස් පරීක්ෂණයෙන් ලෙඩේ හරියටම දැන ගනිමු
ඇන්ටි නියුක්ලියර් ඇන්ටිබොඩීස් (Anti Nucleur Antibodies) නමින් හෝ ඇන්ටි නියුක්ලියර් ෆැක්ටර් (Anti Nucleur Factor) නමින් වෛද්‍ය රසායනාගාරයේ දී සිදුකරනු ලබන සුවිශේෂ පරීක්ෂණයකි.
ඒ පරීක්ෂණය කෙනෙකුගේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ සොයා බලන පරීක්ෂණයක් ලෙස හැඳින්විය හැකිය.
ඕනෑම කෙනෙකුට තමන්ගේ සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතියක් පවතී. එමඟින් ශරීරයට බාහිරින් ඇතිවන බැක්ටීරියා, දිලීර, වෛරස, ක්ෂුද්‍රජීවි වැනි ඕනෑම විෂබීජයකට ඔරොත්තු දෙයි.
බාහිරින් ශරීරයට ඇතිකරන රෝගාබාධ වළක්වා ගැනීමට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරන හොඳම ආරක්ෂක පද්ධතිය වන්නේ මේ ප්‍රතිශක්තීකරණ පද්ධතියයි.
අපේ ශරීරයට පිටතින් එන වෛරස් හෝ බැක්ටීරියාවලට එරෙහිව සටන් කරන්නට ශරීරයෙන් නිපදවන තවත් දෙයක් තියෙනවා. මෙය ප්‍රතිදේහය හෙවත් ‘ඇන්ටිබොඩීස්’ යනුවෙනි.
ඩෙංගු වැනි රෝග තත්ත්වයක් ගෙන බැලුවොත් ඩෙංගු වෛරසය ශරීරයට ඇතුළු වූ විට එයින් ඇතිවන්නේ ප්‍රතිජනකයයි.
ඒ ප්‍රතිජනකයට එරෙහිව සටන් කිරීමට හැකියාව තියෙන්නේ මේ කියන ප්‍රතිදේහවලටයි. මේ ප්‍රතිජනකයට එරෙහිව සටන් කිරීමට නම් අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය හොඳට ගොඩනැඟී තිබීම අවශ්‍යය.
නමුත් සමහරුන්ගේ එහෙම වෙන්නේ නැහැ. එවැනි අයගේ සිරුරේ නිපදවෙන ප්‍රතිදේහ සිරුර විසින්ම වනසා දමනවා.
ඒ තත්ත්වය ‘සිස්ටමික් ලුපස් එරිතිමැටෝසස්’ හෙවත් SLE යනුවෙන් හඳුන්වනවා. ආතරයිටීස් වැනි සන්ධි රෝග, සමේ රෝග, දද, මස්පිඩු ආසාදන දක්වා රෝග ආසාත්මිකතා, හිසකෙස්, නිය ගැලවී යාම කුඩා දරුවන්ගේ පවා සමේ ඇතිවන ප්‍රබල ආසාත්මිකතා හා විශාල තුවාල හටගන්නත් මේ නිසා පුළුවන්.
ඒ අයගේ රෝග තත්ත්වය සහ වෙනත් සායනික වාර්තා සසඳා බලා වෛද්‍යවරුන් තේරුම් ගන්නවා ප්‍රතිශක්තිකරණය ඔහුගේ සිරුරටම එරෙහි වීමේ තත්ත්වයක් කියා.
ඒ රෝග තත්ත්වයන් හරියටම කුමක්දැයි කියා දැනගන්නයි ‘ඇන්ටි නියුක්ලියර් ඇන්ටිබොඩීස්’ පරීක්ෂණය සිදු කරන්නේ.
මේ පරීක්ෂණයෙන් සිදු කරන්නේ රුධිර සාම්පලය අරගෙන එම රුධිරයේ සෛල කොටස් වෙන් කරලා ඉතුරු වන මස්තු (සීරම්) ඉහළ මට්ටමේ රසායනාගාරයක් තුළ පරීක්ෂා කිරීමයි.
කුඩා දරුවන්ට වුවත් මේ රෝග තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගැහැනු දරුවන්ටය.
මේ පරීක්ෂණය රජයේ රෝහල්වලින් එවන ලේ සාම්පලවලින් නොමිලයේ සිදුකර නැවත එම රෝහල්වලටම ලබාදීම සිදු කරන්නේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින්.
ඒ සඳහා කිසිදු මුදලක් අය කරන්නේ නෑ. මේ වෙනුවෙන් පරීක්ෂණ කරන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පිහිටි විශේෂ අංශය හඳුන්වන්නේ ‘ප්‍රතිශක්තිකරණ වේද අංශය’ නමින්ය.
පරීක්ෂණය සිදුකර වාර්තාව නිකුත් කරන්න දින 5 ක් වත් ගත වෙනවා. ලේ සාම්පල පරීක්ෂා කර බැලීමට පිරිවැය වැඩියෙන් වැය කිරීමට සිදුවෙන නිසා වැඩිපුර නිදර්ශක ප්‍රමාණයක් එකතු කර ගැනීමෙන් පසු පරීක්ෂණ සිදුකිරීමට පියවර ගැනීම නිසයි මේ කාලය ගත වෙන්නේ.
පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ රෝහල්වල රසායනාගාරවල සිදුකරන මේ පරීක්ෂණයට වැඩි මිලක් අය කිරීම සිදු වෙනවා.
සාමාන්‍යයෙන් මේ පරීක්ෂණයට ලේ සාම්පල ලබාගන්නේ රෝහල්ගත වී සිටින රෝගීන්ගෙන්ය. එවැනි පරීක්ෂණයකට පැමිණ ලේ සාම්පල ලබාදීමක් සිදුවන්නේ නෑ. බොහෝ විට රෝහල්ගත වී නේවාසිකව සිටින මේ රෝග තත්ත්වයන් යයි සැක කරන රෝගීන්ගෙන් ලැබෙන ලේ සාම්පලුයි ඒ පරීක්ෂණයට යොදා ගන්නේ.
තමන්ගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය තමන්ට එරෙහි වන අවස්ථාව ප්‍රවේණිගත රෝගයක් දැයි බලා ගන්නත් මේ පරීක්ෂණය වැදගත් වෙනවා.
බොරැල්ල රජයේ වෛද්‍ය පර්යේෂණ
ආයතනයේ තාක්ෂණ විද්‍යාඥ
කීර්ති වික්‍රමරත්න

No comments:
Post a Comment
හොද නරක කියලා Comment එකක් දාලා යන්න හොදේ....