රුබෙල්ලා යනු භයානක රෝගයක් නොවුනත් ගර්භනී කාලයේදී රුබෙල්ලා ඇතිවීම භයානක වන්නේ ඇයිදැයි අද විමසා බලමු .
රුබෙල්ලා යනු වයිරසයක් මගින් බෝවන රෝග තත්වයක් .රුබෙල්ලා වයිරසය ශරීරයට ඇතුල්වූ පසු රෝග ලක්‍ෂණ මතු වීමට පටන් ගන්නේ සති 2-4 (ඇතැම්විට සති 8 ක්) පමණ ගතවූ පසුවයි. මෙම සති 2-4 කාලය තුල වයිරසය ශරීරය තුල තිබුනත් රෝග ලක්‍ෂණ නොපෙන්වා සිටී.රෝග ලක්‍ෂණ මතු වීමේදී ආරම්භයේදී හිසරදය, උණ, ඇගපත වේදනාව,සන්ධි වේදනාව, මහන්සිය වැනි රෝග ලක්‍ෂණ මතුවේ.බෙල්ල ආශ්‍රිත කුද්දෙටි ඉලිප්පීම දැකිය හැකියි.පසුව සමේ පලු හටගැනීම සිදුවේ.මෙම පලු ප්‍රමාණයෙන් ඉතා කුඩා වන අතර රෝස පැහැයෙන් යුක්තවේ.මෙම පලු ආරභයේදී මුහුණේ,මුඛයේ හට ගන්නා අතර පසුව අත් පාද ඇතුලු සිරුර පුරා හටගනී.පලු කැසීමක් ඇතිකල හැකි අතර මෙම පලු දින දෙකකින් පමණ මැකී යයි.එහිදී ලප කැලැල් ඉතිරි නොවීමද මෙහි විශේෂත්වයකි.
රෝගය පැතිරීම බොහෝවිට ආරම්භ වනුයේ රෝග ලක්‍ෂණ/පලු දැමීමට ඇතිවීමට සතියක පමණ පෙර කාලයක සිටයි.රෝගය වැලදුනු අයෙකුගෙන් තවත් අයෙකුට බෝවන්නේ සොටු දියර , කහිනවිට විසිවන ඉතාකුඩා කෙල බිඳු වැනි දෑ මගින්.
ගර්භනී කාලයේ රුබෙල්ලා වැලඳීම ඉතා භයානකයි යැයි පවසන්නේ ඇයි ?
ඔව් ගර්භනී කාලයේදී රුබෙල්ලා වැලඳීම බරපතල තත්වයක් ! විශේෂයෙන්ම ගර්භනී මුල් මාස තුනේදී මෙහි අවධානම ඉතාම ඉහලයි.එනම් යම් කාන්තාවක් ගැබ් ගෙන මුල් මාස තුනක කාලය ඇතුලත රුබෙල්ලා වැලඳුනහොත් එම වයිරසය මගින් කලලයට කල හැකි බලපෑම් බොහොමයි .එහි ප්‍රතිපල ලෙස ගබ්සාවීම්, මල දරු උපත්,නියමිත දිනට පෙර සිදුවන දරු ප්‍රසූතියන් වැනි සංකූලතා දැක්විය හැකියි.එසේම උපදින දරුවාට සන්ජානනීය රුබෙල්ලා තත්වය ෴ ඇතිවිය හැකියි. එම තත්වයට ගොදුරු වූ දරුවන්ට ඇස් වලට , මොලයට , හෘදය වැනි අවයව වලට සන්කූලතා ඇතිවීමේ සම්භාවිතාව ඉතා ඉහලයි.එනම් ඇස් වල සුද ඇතිවීම හ නොයෙක් ආබාධ, හර්දයේ සිදුරු වැනි ආබාධ සේම මන්ධ බුද්ධික තත්ව පවා ඇතිවිය හැකියි.මාස තුනකට ඉහල ගර්භනී කාන්තාවකට රුබෙල්ලා වැලදුනහොත් මෙම සන්කූලතා ඇතිවීමේ අවදානම අඩු නමුත් නැතුවාම නොවේ.
මෙම තත්වයෙන් ආරක්‍ෂා විය යුත්තේ කෙසේද ?
රොගියෙක්ගෙන් නීරෝගී අයෙකුට රෝගය වැලදීමේ ප්‍රවනතාව ඉතාම ඉහලයි .ඒවගේම අපි සඳහන් කලා රෝග ලක්‍ෂණ / හමේ පලු දැමීමට පෙර සිටම රෝගය පැතිරීමේ අවධානම තිබෙනවා. එ නිසා රෝගියා කලින් හදුනාගෙන ඔහුගෙන් ඈත්වී සිටීමෙන් රෝගය වැලදීමෙන් ආරක්‍ෂාවීම කල නොහැක්කක්.ඉතින් මෙම රෝගයෙන් ආරක්‍ෂාවීමට කල යුත්තේ රුබෙල්ලා සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ගැනීමයි.දැන් උපදින දරුවන්ට කුඩා කාලයෙදී MMR එන්නත මගින් මෙයට ප්‍රතිශක්තිය ලබදේ.
දරුවාට මාස 12 සම්පූර්ණ වූවිට ලබාදෙන ප්‍රතිශක්තීකරණ එන්නත MMR පළමු මාත්‍රාවයි.(දෙවන මාත්‍රාව අවු 3-5 ත් අතරදී ලබාදේ.)
මෙම එන්නත මගින් measles (සරම්ප) , mumps (කම්මුල්ගාය ), රුබෙල්ල (ජර්මන් සරම්ප) ,යන රෝගවලට ප්‍රතිශක්තිය ලබාදේ.
මෙම එන්නත මගින් රුබෙල්ලා සඳහා ප්‍රතිශක්තිය ඈත අතීතයේ සිට ලබා නොදුන් නිසා දැනට මව් පදවිය දැරීමට හැකි වයසෙහි සිටින බොහෝ කාන්තාවන්ට කුඩා අවදියේදී මෙම එන්නත ලබා දී නැත. නිසා රුබෙල්ලා එන්නත පමණක් ලෙස රුබෙල්ල රෝගයෙන් ආරක්ශාවීමට එන්නත ලබා දේ. එම එන්නත ලබා නොගත් කාන්තාවන් විවාහයට පෙර එම එන්නත ලබා ගැනීමට කටයුතු කලයුතු අතර එසේ ලබා ගෙන නොමැතිනම් දරුවෙකු පිලිසිඳ ගැනීමට පෙර එම එන්නත ලබා ගැනීමට කටයුතු කිරීම අනිවාර්‍යෙන් කලයුතු දෙයකි .මෙසේ එන්නත ලබාගත් පසුව එන්නත ලබගෙන මාස තුනක් සම්පූර්ණ වනතුරු ගැබ් ගැනීමෙන් වැලකී සිටීම අනිවාර්‍යයෙන් කල යුතුම දෙයකි.
මෙසේ වෛද්‍ය උපදෙස් අනුගමනය කලහොත් ඔබට මෙම අවදානම් තත්ව වලින් ආරක්‍ෂාවිය හැකියි.

No comments:
Post a Comment
හොද නරක කියලා Comment එකක් දාලා යන්න හොදේ....