තයිරොයිඩ් රෝග ගර්භනී කාලයේදී බහුලව පවතින වෛද්‍ය ගැටලුවක් බවට පත්ව ඇත..
කලින් හඳුනා ගැනීම සහ මනා පාලනය මගින් මවට මෙන්ම දරුවාට ඇතිවිය හැකි සංකූලතා බොහොමයක් අවම කර ගැනීමට හැකිවනු ඇත.
නීරෝගී කාන්තාවකගේ ගර්භනී කාලය තුල තයිරොයිඩ් ක්‍රියාකාරීත්වය කෙසේද යන්න පිලිබඳව මුලින්ම දැනුවත් වී සිටිකමු..
ඊස්ට්‍රොජන් හෝමෝනයේ බලපෑම නිසා ගර්භනී කාලයේදී තයිරොක්සින් හා බැඳෙන ග්ලොබුලීන් Thyroxine binding globulin මට්ටම ඉහල යයි .එය මුලු තයිරොක්සින් T4 හා T3 මට්ටම ඉහල යාමට හෙතුවක් වන නමුත් free thyroxine (FT4) හා free triiodothyrinine (FT3) මට්ටම ඉහල යාමක් සිදු නොවේ.
ගර්භනී කාලයේදී කලල බන්ධය මගින් නිපදවන මානව කලල බන්ධ හෝමෝනය (hcg) මගින් TSH හෙවත් පිටියුටරිය මගින් ස්‍රාවය කරන තයිරොක්සින් හෝමෝනයේ යම් නිශේධනයක් සිදුකල හැක. .
එයට ප්‍රධානතම හේතුව වනුයේ මෙම හෝමෝන දෙක අතර යම් ව්‍යුහමය සමාන කමක් තිබීමයි .. සති 10 -12 දී පමණවන විට රුධිරයේ HCG මට්ටමෙහි පැහැදිලි වැඩිවීමක් තිබෙන නිසා එය TSH මට්ටම අඩුවීමකට ද හෙතුවේ.
එසේම සති 12 පමණ වන විට ගර්භාශයේ වැඩෙන කලලය මගින් තයිරොක්සින් හෝමෝනය නිපදවීමට පටන් ගන්නා අතර 18 වන සතිය වන විට එය වඩා හොඳින් සිදුවේ.සාමාන්‍ය යෙන් ගර්භාශය තුල වැඩෙන දරුවාගේ රුධිර TSH මට්ටම මවට වඩා වැඩි වන අතර ( FT4) ,( FT3) මට්ටම මවට වඩා අඩුවේ.එනම් දරුවාට මාස 4 ද සම්පූර්ණ වූ පසුවයි . එතෙක් කලල වර්ධනයේ වැදගත්ම කාලය වන මුල් මාස තුනෙහි විශේෂයෙන්ම මොළයේ වර්ධනයට අවශ්‍ය තයිරොක්සින් හෝමෝනය දරුවාට ලැබෙනුයේ මවගෙනි.ඒ කළල බන්ධය හරහායි.මෙම හෝමෝනය විවිධ ප්‍රමාණයගෙන් කලල බන්ධය හරහා ගමන් කල හැක .
මේ ආකාරයෙන්ම TSH -receptor antibodies ද කලල බන්ධය හරහා ගමන් කරයි.එය කළලයේ hyperthyroidism , හෝ hypothyroidism තත්වයන් ඇතිකල හැක.
hCG associated hyperthyroidism යනු කුමක්ද ?
සාමාන්‍යයෙන් තයිරොයිඩ් රෝග වලින් නොපෙලෙන අයට උවත් HCG හෝමෝනය හෙවත් මානව කලල බන්ධ හෝමෝනයේ ක්‍රියාකාරීත්වය නිසා ඇතැම් විට ගර්භනී කාලයේදී තයිරොයිඩ් හෝමෝනයේ යම් වැඩිවීමක් දැකිය හැක
අපි දන්නවා hyperthyroidism යනු රුධිරයේ තයිරොක්සීන් හෝමෝන මට්ටම ඉහල යාමක් බව. ., මෙම තත්වයේදි වන්නේ HCG හෝමෝනය නිසා තයිරොක්සීන් වැඩි වීමයි .
මෙම තත්වය ඇතිවියහැකි අවස්ථා:
1.transient subclinical hyperthyroidism - මෙහි TSH හෙවත් තයිරොක්සීන් නිපදවීම උත්තේජනය කරන හෝමෝනයේ යම් අඩුවීමක්ද T3 , T4 සාමාන්‍ය මට්ටමේද බොහෝ දුරට පවතී.සාමාන්‍යයෙන් මෙම අවස්ථාව සඳහා ප්‍රතිකාර අවශ්‍ය නොවේ.රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීමක් මෙහිදී සිදු නොවේ.
2.hyperemesis gravidarum - ගර්භනී කාලයෙදී ඔක්කාරය,වමනය, ශරීර බර අඩුවීම යන රෝග ලක්‍ෂණ ඇතිවීම මෙලෙස හදුන්වයි. බොහෝ දුරට hyperthyroidism තත්වය ඇති කාන්තාවන් මෙම තත්වයට මුහුණ දෙති.
3.trophoblastic hyperthyroidism - H මෝල් නමින් හදුන්වන මෙම තත්වය වැදෑමහේ සිදුවන අසාමන්‍ය වර්ධනයකි.මෙහිදී කලලය වර්ධනය නොවන අතර දරුවා සහ මව සම්බන්ධ කරන වැදෑමහ වේගවත් ලෙස වර්ධනය වේ.මෙම තත්වය ඇතිවුවිට ගර්භනී කාලය තුලදී ඇතිවන අධික රුධිර පීඩනය , වමනය ඔක්කාරය වැනි සන්කූලතා ඉහල යනවා සේම Hyperthyroidism ඇතිවීමේ සම්භාවිතාව 50% කින් ඉහල යයි.මෙම තත්වයේදී තවදුරටත් ගර්භනී භාවය පවත්වාගෙන යා නොහැකි අතර එම පටක ඉවත් කිරීම අනිවාර්‍යයෙන් කලයුතුවේ.
hyperthyroidism ගර්භනී භාවය කෙරෙහි බලපාන අයුරු :
ගර්භනී කාලයේදී පාලනය නොකල hyperthyroidism තත්වය මවට මෙන්ම ගර්භාශයේ වැඩෙන දරුවාටද විවිධ ආකාරයෙන් බලපෑහැක.
ස්වභාවික ගබ්සා,නොමේරූ දරු උපත්,අඩු බර උපත් ,ගර්භනී වලිප්පුව , හා හර්ද රෝග ඉන් ප්‍රධාන තැනක් ගනී. hyperthyroidism ඉහත සඳහන් කල ඕනෑම හේතුවක් නිසා ඇතිවිය හැකි උනත් බහුලවම ඇති වන්නේ Grave's රෝගය ඇති අයට වේ.
ගර්භනී කාලයේදී hyperthyroidism රෝගය ඇති බවට හඳුනා ගන්නේ කෙසේද ?
ඇත්තෙන්ම ගර්භනී කාලයේදී hyperthyroidism තත්වය හදුනා ගැනීමත මදක් අපහසුයි. ඊට හෙතුව වන්නේ hyperthyroidism තත්වයේදී බහුලව පෙන්නුම් කරන දහඩිය දැමීම , හර්ද ස්පන්දනය වැඩිවීම, කෙට්ටූ වීම වැනි ලක්‍ෂණ ගර්භනී කාලයේදීත් සාමාන්‍ය යෙන් දැකිය හැකි බැවිනි.
hyperthyroidism තත්වය හඳුනා ගැනීම සඳහා TSH හා T4 අගයන් පාදක කර ගනී.
ප්‍රතිකාර ක්‍රම මූලික කරගනුයේ රුධිරයේ තයිරොක්සීන් මට්ටම පාලනය කර තයිරොක්සීන් හෝමෝනය වැඩී වීමෙන් මවට හා දරුවාට වියහැකි සන්කූලතා මග හරවා ගැනීමයි.විශේෂයෙන්ම මවගේ hyperthyroidism තත්වයට කරන ප්‍රතිකාර මගින් විය යුත්තේ කලලයට වියහැකි සන්කූලතා අවම කිරීමයි .මෙහිදී TSH මට්ටම සාමන්‍ය මට්ටමේ ඉහලම සීමාව තුල වත් තබා ගැනීමට කටයුතු කරයි. මේ සඳහා anti-thyroid ප්‍රතිකාර මූලිකව ලබාදේ.එසේම රුධිරයේ හෝමෝන මට්ටම පරීක්‍ෂා කරමින් අනෙකුත් මූලික පරීක්‍ෂණ සිදු කරමින් වෛද්‍ය වරයා ඔබේ රෝගී තත්වය ගැන අවධානයෙන් සිටින අතර ඔබේ යුතුකම වනුයේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව කටයුතු කිරීම යි.
(hypothyroidism in pregnancy) ගර්භනී කාලයේදී හයිපොතයිරොයිඩිස්ම් තත්වය....:
දැඩි ලෙස තයිරොක්සින් හෝමෝනය අඩුවීම නිසා ඩිම්බ මේරීම සිදු නොවන අතර ඩිම්බ මෝචනය පමා වීම සිදුවේ.
එසේම තයිරොක්සින් ප්‍රතිකාර නිසියාකාරව සිදු නොකලහොත් ගර්භනී සමයේ මුල් කාලයෙදී දරුවාගේ නොයෙක් වෙනස් කම් ඇති වීමටද මෙම තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ඇතිවන ආබාධ තත්වය බලපායි.
එනම් ෴හ්‍ය්පොථ්‍ය්‍රොඉදිස්ම් තත්වය ගැබ්වලිප්පුව ඇතිවීමට අවධානමක් මෙන්ම ස්වභවික ගබ්සා ඇති වීමටද යම් අවධානමක් ඇත.ගර්භනී කාලයේ ඇතිවන අධික රුධිර පීඩනයටද ,කලල බන් ධය ගර්භාශයෙන් ගැලවී යාමටද , නොමේරූ දරු උපත් වලටද ,අඩු බර උපත් ,සිසේරියන් සැත්කම් සදහා ඇති අවධානම ඉහල යාම,මාතෘ උපත් ප්‍රමාණය ඉහල යාම.ට පවා ඉඩ ඇත.
hypothyroidism තත්වය රෝග නිශ්චය කර ගනු ලබන පරීක්‍ෂාවන් සඳහා ලංකාව තුල කාන්තාවන් අනිවාර්‍යයෙන් යොමු කරනු ලබන්නේ රෝග ලක්‍ෂණ පවතින කාන්තාවන් හෝ එසේත් නොමැතිනම් පවුලේ යම් අයෙකුට hypothyroidism තත්වය තිබීම නිසා ඒ සඳහා අවධානම වැඩී කාන්තාවන් වේ.
එම නිසා ඔබ hypothyroidism සදහා ප්‍රතිකාර ගනු ලබන කාන්තාවක් හෝ ඔබේ පවුලේ යම් අයෙකුට තයිරොයිඩ් සම්බන්ධ යම් රෝග ඇත්නම් එ පිලිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම ඉතාම වටී.
ගර්භනී කාලය තුල තයිරොක්සින් ආදේශනය ;
hypothyroidism තත්වය සඳහා ප්‍රතිකාර
ගර්භනී කාලයේදී පෙරදීට වඩා ශරීරයේ තයිරොක්සින් අවශ්‍යතාවය ඉහල යයි.මෙය පෙරදීට වඩා 50 % කින් ඉහල වේ.
මේ සඳහා මවගේ ශරීර බර වැඩි වීම , කලල බන්ධය හරහා තයිරොක්සින් දරුවාට ගමන් කිරීම වැනි හේතූන් වේ.
තයිරොක්සින් ප්‍රතිකාරවල අරමුණ වනුයේ රුධිරයේ ෴ත්4 මට්ටම සාමාන්‍ය අගයක පවත්වා ගැනීමයි.
ඔබ කලින් hypothyroidism තත්වය තිබූ හෝ ඒ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින කාන්තාවක් නම් දරු පිලිසිඳ ගැනීම ස්තිර වූ විගස ඔබේ වෛද්‍යවරයාට ඔබ තයිරොක්සින් ප්‍රතිකාර ලබා ගන්නා අයෙක් බව දන්වන්න..
එවැනි කාන්තාවන්ට ලබා ගත් මාත්‍රාව 30% කින් පමන ඉහල නංවන අතර පසුව සෑම සතියකටම වරක්ම ෴෴ට්‍ෂහ් මට්ටම පරීක්‍ෂාවට ලක් කරමින් එය සාමාන්‍ය අගයකට එනතුරු මාත්‍රාව ඔබේ වෛද්‍යවරයා විසින් වෙනස් කරනු ඇත..දරු ප්‍රසූතියෙන් පසුව නැවත ගර්භනී කාලයට පෙර ලබගත් තයිරොක්සින් මාත්‍රාව ලබා දීමට කටයුතු කරයි.දරු ප්‍රසූතියෙන් සති 4-6 කට පසුව නැවත TSH මට්ටම පරීක්‍ෂා කර බලා අවශ්‍ය T4 මට්ටම තීරණය කරනු ලබයි.
මෙසේ වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර වලට යොමුවු කාන්තාවකට තමාට ඇති තයිරොයිඩ් රෝගය නිසා තම දරුවාට ඉන් බලපෑමක් වේයැයි අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නොවේ !

No comments:
Post a Comment
හොද නරක කියලා Comment එකක් දාලා යන්න හොදේ....