Tuesday, August 13, 2013

තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ඇතිවන ආබාධ

තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ඇතිවන ආබාධ ;ඇතිවන හෝමෝන වල විශේෂයෙන්ම තයිරොක්සින් හෝමෝන මට්ටමේ ඇතිවන වෙනස් වීම ගැබ් ගැනීමේදී මෙන්ම ගර්භනී කාලයෙදිත් යම් ගැටලු ඇති කල හැකියි. එනම් සරු භාවය අඩු කිරීමට මෙන්ම ගර්භනී කාලයේදී විශේෂයෙන්ම ගර්භනී මුල් කාලයෙදී යම් සන්කූලතා ඇති කිරීමට තයිරොක්සින් හෝර්මෝනයේ වෙනස්කම් බලපෑ හැක.
තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ස්‍රාවය වන තයිරොක්සින් හෝර්මෝනය අප සිරුරේ පරිවෘතීය ක්‍රියා පාලනය සිදු කරයි! නොයෙක් හේතූන් නිසා තයිරොයිඩ් හෝර්මෝනයේ අඩු වීම් මෙන්ම වැඩි වීම් ද සිදුවිය හැක.
මෙසේ තයිරොක්සින් හෝර්මෝනයේ වැඩි වීම hyperthyroidism ලෙසද අඩුවීම hypothyroidism ලෙසද හදුන්වයි.
මෙයිනුත් hypothyroidism තත්වය මඳ සරු භාවය කෙරෙහි වඩා බලපායි .. මෙසේ තයිරොයිඩ් හෝර්මෝනය අඩු වන විට පරිවෘතීය ක්‍රියාවන් සිදු නොවීම නිසා ඩිම්බ කෝෂ වලද ඩිම්බ නොමේරීම සහ ඩිම්බ මෝචනය පමා වීම එයට හේතුවයි.
එසේම ගර්භනී සමයේ මුල් කාලයෙදී දරුවාගේ නොයෙක් වෙනස් කම් ඇති වීමටද මෙම තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ඇතිවන ආබාධ තත්වය බලපායි.එනම් hypothyroidism තත්වය ගැබ්වලිප්පුව ඇතිවීමට අවධානමක් මෙන්ම ස්වභවික ගබ්සා ඇති වීමටද යම් අවධානමක් ඇත.
hypothyroidism තත්වය autoimmune thyroiditis වැනි රෝග ,අයඩීන් ඌනතාවය නිසා හෝ මොලයේ පිටියුටරි ග්‍රන්ථියේ ගැටලුවක් වැනි තත්වයක් නිසා හෝ ඇතිවිය හැක.
hypothyroidism තත්වයෙදී රුධිරයේ T3, T4 හෝමෝන මට්ටම අඩුවීමක් සිදුවන අතර ඇතැම් විට හේතුව අනුව TSH අගය ඉහල යාමක්ද සිදුවේ.ඒ අනුව එම හෝමෝන පරීක්‍ෂා කිරීමෙන් රෝග තත්වය ගැන වැටහීමක් ලබා ගත හැක..

අද වන විට මෙම hypothyroidism තත්වය බහුල තත්වයක් .
autoimmune thyroiditis වැනි රෝග ,අයඩීන් ඌනතාවය නිසා හෝ මොලයේ පිටියුටරි ග්‍රන්ථියේ ගැටලුවක් වැනි තත්වයක් නිසා hypothyroidism තත්වය ඇතිවූ තරුණ කාන්තාවන් හා වෙනත් ගැටලුවක් නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කල කාන්තාවන් බොහොමයක් ඔවුන්ට දරු ඵල අහිමි වෙයැයි අනවශ්‍ය බියක් ඇතිකර ගනී.
ඔබ එසේ බියක් ඇති කල ගත යුතු නැත.
වැදගත් වනුයේ ඔබ මෙසේ hypothyroidism තත්වයට ප්‍රතිකාර ලබා ගන්නා අයෙකු නම් නිසි වෛද්‍ය උපදෙස් අනුව නිසි වෙලාවට ප්‍රතිකාර ලබා ගැනීමයි.

ප්‍රතිකාර ලෙස levothyroxine වැනි හොර්මෝන ප්‍රතිකාර ක්‍රම hypothyroidism සඳහා භාවිතා කරන අතර ඔබගේ වගකීම වනුයේ වෛද්‍යවරයා සඳහන් කරන ආකාරයට වෛද්‍ය පරික්‍ෂණ සිදුකර නිසි ප්‍රතිකාර ලබා ගැනීමයි. වෛද්‍යවරයා පවසන තුරු ප්‍රතිකාර නැවැත්විය නොහැකි අතර එසේ නියමිත පරිදි ප්‍රතිකාර ලබා ගන්නා අයෙකුගේ ශරීරයේ හෝමෝන නියමිත මට්ටමකට පාලනය කිරීමක් සිදු වන නිසා ඔබට මඳ සරුභාවය ගැන අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවේ.එසේම මඳ සරු භාවය ගැන අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු සේම මඳ සරු භාවය ඇති කරන අනෙක් සාධක අවම කර ගැනීමද ඔබේ වගකීමකි. එනම් ඔබෙ ස්වාමි පුරුශයා මත් පැන් , දුම් වැටි භාවිතා කරනවානම් එම පුරුදු අත් හැර ගැනීමට ඔවුන්ට උපදෙස් දෙන්න.
hypothyroidism තත්වය ඇතිදැයි කලින් හදුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීමෙන් ගර්භනී කාලයේදී ඇතිවිය හැකි සංකූලතා අවම කර ගැනීමට හැකිවනු ඇත.

මෙසේ නිසි ප්‍රතිකාර ක්‍රම හා යහපත් සෞඛ්‍යය පුරුදු අනුව කටයුතු කරන්නේ නම් hypothyroidism තත්වය නිසා ඔබට මඳ සරු භාවය හෝ ගර්භනී කාලය තුල සන්කූලත ඒයැයි බිය නොවන්න., අනවශ්‍ය ලෙස පසුතැවිලි නොවන්න.

මෙම hypothiroidism රෝග තත්වයේ රෝග ලක්‍ෂණ :
මහන්සිය , ශරීර අප්‍රාණික භාවය
නිදිමත ගතිය
සීතල දරා ගැනීමට ඇති හැකියාව අඩුවීම
කට හඬ වෙනස් වීම
හිස කෙස් හැලීම
මළ බද්ධය
හන්ධි , මාන්ශ පේෂී වේදනාව
ශරීර බර වැඩි වීම
ඉදිමීම
හර්ද ස්පන්දනය මන්දගාමී වීම
වායු ගෙඩි ඇතිවීම

මෙහිදී මෙම hypothiroidism රෝග තත්වයේ ලක්‍ෂණ හදුනාගෙන රෝගියා ප්‍රතිකාර සදහා යොමුවිය හැකි සේම බොහො විට රෝග ලක්‍ෂණ පෙන්වීමට පමා කරන නිසා ප්‍රතිකාර කෙරෙහි පමා වීමක්ද සිදුවිය හැක...

ඔබට මෙම රෝග ලක්‍ෂණ තිබේනම් හෝ ඔබේ පවුලේ යමෙකුට මෙම තයිරොයිඩ් ආබාධ තිබෙනම් ගර්භනී කලෙයෙදී ඔබව ඒ සඳහා පරීක්‍ෂාවන්ට ලක් කරයි.

එසේම මඳ සරු භාවය ඇති අයට දරු පිලිසිඳ ගැනීමට ඇති බාධාවන්ට අද වන විට නොයෙකුත් IUI , IVF වැනි ප්‍රතිකාර ක්‍රම මෙන්ම ඩිම්බ වර්ධනයට මෙන්ම ඩිම්බ මෝචනය උත්තේජනය කිරීම සඳහාද ප්‍රතිකාර ක්‍රම වේ.එම නිසා අනවශ්‍ය මානසික පීඩනයක් ඇති කර නොගන්න. .
මානසික ආතතියද hypothyroidism තත්වය ඇතිවීමට හේතුවක් බැවින් ඔබ තුල මානසික සහනය ඇතිකර ගන්න !

No comments:

Post a Comment

හොද නරක කියලා Comment එකක් දාලා යන්න හොදේ....