රිකට්සය (Rickets) රෝගය යනු ප්‍රධාන වශයෙන් විටමින් D,පොස්පරස්,හෝ කැල්සියම් ඌනතාවයේ හෝ ඒවායේ පරිවෘත ක්‍රියාවල අඩුවීමක් නිසා කුඩා දරුවන්ගේ අස්ථිවල ඝනත්වය අඩුවීම,අස්ථි දිරායාම වැනි හේතූන් නිසා අස්ථිවල අසාමාන්‍යතා දැකිය හැකි තත්වයකි.මෙහිදී අස්ථී වර්ධනය හා වර්ධන වේගය අඩුවීම ,අස්ථීවල ශක්තිමත් භාවය අඩුවීම නිසා නිතර අස්ථි බිඳීම් වලට පහසුවෙන් මුහුණපෑම ,අස්ථි වර්ධනයේදී සිදුවන බලපෑම් නිසා අස්ථි වක්වීම,සන්ධි ඇදවීම ඇතුලු බොහෝ අසාමාන්‍යතා ඇතිවීම දැක්විය හැක.මෙම තත්වයට බොහෝවිට කුඩා කාලයේදී මන්දපෝෂණයට මුහුණ දුන් දරුවන් ,ප්‍රමාණවත් කැල්සියම් ,විටමින් D ආහාර වලට නොලැබුනු දරුවන් ,ප්‍රමාණවත් ලෙස සූර්ය එළියට නිරාවරණය නොවූ දරුවන්ද එසේම ගර්භණී කාලයේදී කැල්සියම් ,විටමින් D ප්‍රමාණවත් පරිදි නොලැබූ කාන්තාවන්ගේ දරුවන්ටද මෙම තත්වයට මුහුණදීමේ වැඩි අවධානමක් පවතී.
මෙම රෝගයේදී අස්ථිවල ගැටළු වලට අමතරව දත් දුර්වල වීම,මාංශපේශීන් දුර්වල වීම ,fit එක ඇතිවීමේ ඉහල අවධානමක්ද පවතී.
මෙම රෝගයට මූලිකව හේතුවන්නේ විටමින් D ඌනතාවයයි.විටමින් D ලබාගත හැකි ප්‍රධාන ප්‍රභවය සූර්ය ආලෝකයයි.එමනිසා සූර්ය ආලෝකයට ප්‍රමාණවත් ලෙස නිරාවරණය වීමෙන්ද විටමින් D හා කැල්සියම් අඩංගු ආහාර ලබා දීමෙන් මෙම තත්වයෙන් ආරක්ෂාවිය හැකියි.

No comments:
Post a Comment
හොද නරක කියලා Comment එකක් දාලා යන්න හොදේ....