පිළිකාවක් යනුවෙන් හඳුන්වන්නේ ශරීරයේ ඕනෑම සෛලයක සිදුවන අසාමාන්‍ය සෛල වර්ධනයකි. එසේ අසාමාන්‍ය ලෙස වර්ධනය වී විකෘති වූ සෛල ශරීරයේ විවිධ ස්ථානවල ඇති නිරෝගී සෛල ආක්‍රමණය කරමින් විනාශ නොවී එක් තැනක ගොඩ ගැසීමෙන් පිළිකාවක් ඇතිවේ. පිළිකා සෛල එක් තැනක සිට තවත් තැනකට ගමන් කරන්නේ රුධිරය සහ වසා මඟිනි.
එවැනි විකෘති වූ සෛල මුඛය තුළ එක් තැන් වී ආසාදනය වූ විට එය මුඛ පිළිකාවක් ලෙස හැඳින්වේ. ඇතැම් විට මුඛ පිළිකාව ගන වූ තුවාලයක්, ඉදිමීමක්, හො ඉදිරියට නෙරා ආ වර්ධනයක් ලෙස මූඛය තුළ දිස් විය හැකිය.
මුඛ පිළිකාව කල් තබා හඳුනා ගත හොත් නිට්ටාවට ම සුව කළ හැකිය. එසේ නො වුව හොත් මුඛ පිළිකාව නිසැකවම ඔබ මරණයට පත් කරයි. වර්තමානය වන විට ලංකාවේ වසරකට මුඛ පිළිකා රෝගීහු 1800-2000 අතර සංඛ්‍යාවක් අලුතින් හඳුනා ගැනෙති. මේ අතරින් රෝගීන් 987-1000 අතර පිරිසක් මිය යති. කල් තියා පූර්ව පිළිකා අවදියේ දී එය හඳුනා ගතහොත් ඉන් වැඩි දෙනකු සුවපත් කළ හැකියි.
සාමාන්‍යයෙන් අපේ රටේ පිරිමින් තුන් දෙනෙකු ට එක් කාන්තාවක් මුඛ පිළිකාවට ගොදුරු ෙව්. මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව මුඛ පිළිකාව. කාන්තාවන් අතර බහුලතම පිළිකාව පියයුරු පිළිකාව. මුඛ පිළිකාවට පිරිමින් වැඩියෙන් ගොදුරු වන්නේ මත් පැන් බීම, දුම් බීම, සහ බුලත් විට සැපීම හේතුවෙන්.පිරිමින් අතර දැකිය හැකි අනෙක් ප්‍රධාන පිළිකා වර්ග වන්නේ පෙණහලු පිළිකාව, ගලනාලයේ පිළිකා සහ ආහාර මාර්ගයේ පිළිකා .මේවා ට ප්‍රධාන හේතුව දුම් බීම, මත් පැන් , බුලත්විට සහ වැරදි ආහාර පුරුදු. අඩුවෙන් එළවළු සහ පලතුරු පරිභෝජනයත් මෙයට හේතු වෙනවා.
මුඛ පිළිකා ඇති වීමට හේතු අතරින් ප්‍රධාන වන්නේ බුලත්විට කෑමය. එහි අඩංගු පුවක්, හුනු, දුංකොළ යන තුන් වර්ගය ම පිළිකාකාරක ය. දුම් කොළ ඍජු පිළිකා ජනකයක් බව බොහෝ දෙනා දනිති. පුවක්වල පිළිකා කාරක ඇතැයි පිළිගන්නට බොහෝ දෙනා මැළි වෙති.
එහෙයින් මුඛ පිළිකා සඳහා වර්තමානයෙහි ඇති ප්‍රබල ම අවදානම් සාධකය පුවක් ය. බුලත් විට මෙන්ම බාබුල් බීඩා ,පැස්පරාක්, ගුඩ්කා, මාවා යන විවිධ නම්වලින් හැඳින්වෙන ආනයනය කරන ලද දුම්කොළ ද අඩංගු පුවක් පැකට් අද වෙළෙඳපොළේ අලෙවි කැරේ. පාසල් සිසුන් , ඇඟලුම් කම්හල්වල සේවකයන් වැනි තරුණ පිරිස ගැවසෙන ස්ථාන අසල මේවා අලෙවි කැරේ. මෙම පුවක් පැකට් අලෙවිය තහනම් කර තිබුණද නීති විරෝධී ලෙස ආනයනය කොට හොර රහසේ තරුණ පිරිසට අලෙවි කිරීම හේතුවෙන් දැන් තරුණ පිරිස අතර මුඛ පිළිකා ද වැඩියෙන් වාර්තා වේ. මුඛ පිළිකාව මෙන්ම ඊටත් වඩා දරුණු මුඛ ශ්ලේශ්මල ෆයිබ්රෝසියාව ට ගොදුරු වන ඉතා ළාබාල වියේ රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී.
මුඛ ශ්ලේශ්මල ෆයිබ්රෝසියාව
මෙම රෝගයේ මූලික ලක්ෂණය වන්නේ ආහාර ගන්නා විට මුඛයේ අධික දැවිල්ලක් ඇති වීමයි. තොල් සහ මුඛ ශ්ලේශ්මලය සුදුමැලි වීමත් ඇල්ලූ විට රබර් වැනි ගතියක් දැනීමත් සෙසු ලක්ෂණ වේ. මෙම රෝගය බොහෝ දෙනා යකඩ ඌණතාව යැයි වරදවා වටහා ගනිති. මෙය වැඩි දුරටත් වර්ධනය වූ විට මුඛයෙහි තන්තු ගන වී මුඛ ශ්ලේශ්මලය ගන වීමෙන් මුඛය ඇර ගැනීමට අපහසු වී අවසානයේ දිව සොලවා ගත නොහැකි වී කතා කිරීමට පවා නො හැකි වේ.
මෙරට තරුණ පරපුර අතර මෙම රෝගය බහුලව දැකිය හැකිය. 2003 ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයට අනුව මෙරට ජනතාවගෙන් ලක්ෂ අටකට පූර්ව පිළිකා ලක්ෂණ පහළ වී තිබේ. මේ අතරින් ලක්ෂයක් පමණ මුඛ ශ්ලේශ්මල ෆයිබ්රෝසියාවට ගොදුරු වූවෝ වෙති.
පුවක් ගෙඩියේ ඇති ප්‍රධාන ඇල්කොලයිඩ් වර්ග කිහිපයකි. ඇරිකඩීන්, ගුවායින්, ගුවාකෝලීන් යන මේ ඇල්කොලයිඩ් වර්ග මුඛය තුළදී සිදුවන නයිට්රේෂන් ක්‍රියාවලියේදී නයිට්රොසොඇමින් නම් වූ පිළිකා ජනක නිෂ්පාදනය කරයි.
දුම් කොළ මඟින් නිකුත් වන පිළිකා ජනක විසි අටකි. ඉන් අමතරව දුම් කොළ හැපීමේ දී මුඛ ශ්ලේශ්මලයේ සෛල තුළ ඔක්සිජන් අනුක පරමාණුවක් නිකුත් වීම මඟින් ජාන විකෘතිතාවක් සිදු වන බව සොයා ගෙන තිබේ.
හුනු සෛලවලට විස වෙන අතර එමඟින් මුඛ ශ්ලේශ්මලය තුවාල කරයි. එම තුවාල මඟින් සෙසු පිළිකා කාරක සිරුරට උරා ගැනීම පහසු කරයි. එමෙන් ම හුනු සහ පුවක් සංයෝග වීමෙන් මුඛ ශ්ලේශ්මලයේ ඔක්සිජන් අනුක පරමාණුවක් නිකුත් වීම මඟින් ජාන විකෘති වන බවද සොයා ගෙන තිබේ. ජාන විකෘතිතාවක් ඇති වී කල් ගත වන විට එතැන පිළිකාවක් ඇති විය හැකිය.
ජාන විකෘතිතාවක් ඇති වූ පමණින් ම පිළිකා ඇති නොවේ. පිළිකා සෛල නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ හැකියාව සහිත ක්‍රියාවලියක් මිනිස් සිරුර තුළ ස්වභාවයෙන් ම පිහිටා තිබේ. මෙම ක්‍රියාවලිය දුර්වල වූ අයට පහසුවෙක් ම පිළිකා ඇති වේ.
බුලත් කොළයේ පිළිකා ජනක අඩංගු නොවුණද බුලත් කොළයේ මුල සහ අග ද නැටි සහ මල්වල ද ඇති සැන්රෝල් නමැති සංයෝගය පිළිකා ජනක විය හැකි බවද සොයා ගෙන තිබේ.
දුම් ඉරීමේදි නිකුත් වන තාර වර්ගවල පිළිකා කාරක 70 ක් අඩංගු වේ. මේවා මුඛය, උගුර, මුත්‍රාශය, වකුගඩු ,ගලනාලය හා ආමාශය ආශ්රිත පිළිකා ඇති කිරීමට හේතු වෙයි.
මත්පැන් බීමේදී එහි ඇති එතනෝල් රසායනිකය අක්මාව තුළ දී පරිවෘත්තීය ක්‍රියාවලියට බඳුන් වී මෙන් ඇසිට්ඇල්ඩිනයිඩ් නමැති රසායනිකය හැදේ. මෙය ප්‍රධාන පිළිකා කාරකයකි. මෙය අක්මාව තුළ මුඛයේ බැක්ටීරියා මඟින් නිෂ්පාදනය විය හැකි අතර මුඛය, අක්මාව, ගලනාලය හා ආමාශයේ පිළිකාත් ඇති වීමට හේතු වෙයි.
පිළිකාවක් ඇති වෙන්නට පෙර පහළ වන අසාමාන්‍යතා පූර්ව පිළිකා ලක්ෂණ ලෙස හැඳින් වේ. මුඛයෙහි ඇතිවන සුදු ලප සුදු සහ රතු මිශ්‍ර ලප පූර්ව පිළිකා ලක්ෂණ වේ. මේවා මුඛය තුළ ඇති වේදනාවක් නැති ලප වේ. බුලත් විට කන , දුම් වැටි උරන , මත්පැන් බොන අය මසකට වරක් වත් කන්නාඩියකින් මුඛය පරීක්ෂා කර ගත යුතුය. මුලින් උඩු තොල උඩු අතට ඇද , දෙවැනුව යටි තොල යටි අතට ඇද පරීක්ෂා කළ යුතුය. මුඛයේ දෙකෙළවර සහ ඇතුළත ශ්ලේශ්මලය ඇඟිල්ල දමා කන්නාඩියෙන් පරීක්ෂා කළ යුතුය. දිව, දිව යට සහ උඩු තොල හොඳින් පරීක්ෂා කරන්න.
ඉහත කී ලක්ෂණ හෝ ඉදිමීමක් , ගැටිත්තක් හෝ දත්වල අව පැහැයක් දුටුවිට ළඟම සිටින දන්ත ශල්‍ය වෛද්‍යවරයා හමුවී පරීක්ෂා කර ගන්න.එසේ ඇතිවන හැම ලපයක් ම පිළිකා කාරක නොවේ.
මුඛ පිළිකා සඳහා වැඩි අවදානම් කණ්ඩායම් වන්නේ:
• පුරුද්දක් ලෙස දිනකට බුලත්විට තුනකට වඩා කන අය.
• බුලත්විට කලාතුරකින් කෑවත් ඒ සමඟ ම සිඟරට් බොන, මත් වතුර බොන් අය.
• දිනකට වරක්වත් පුවක් පැකට් වර්ග හපන අය.
කුඩා ළමුන්ට මුඛ පිළිකා අවදානම අඩු වුවත් වැඩිහිටියන් බුලත්විට කන විට පුවක් කැබලි අහුලාගෙන කෑමෙන් මුඛ ශ්ලේශ්මල ෆයිබ්රෝසියාවට ගොදුරු වූ වයස අවුරුදු දෙකක සහ හතරක ළමයි දෙදෙනක් මෑතදී හඳුනා ගනු ලැබූහ.
සාකච්ජා කළේ: සාගරිකා දිසානායක ජයසිංහ

No comments:
Post a Comment
හොද නරක කියලා Comment එකක් දාලා යන්න හොදේ....