අපි කලින් ලිපියකදි සාකච්ජා කලා රුධිර දායකුට තිබිය යුතු සුදුසුකම් . එ සුදුසුකම් සම්පූර්ණ ඕනෑම කාන්තාවකට රුධිරය පරිත්‍යාග කරන්න පුලුවන්.මීට අමතරවත් කාන්තවන්ට රුධිර පරිත්‍යාගය සම්බන්ධව; ගර්භනී කාලය හා ඊට අදාල ගැටලු ඇති වනවා . අද අපි එ පිලිබඳ කතා කරමු .
1. ගර්භනී කාලයෙදී රුධිර පරිත්‍යාග කල නොහැකිද ?
කාන්තාවක් ගැබ් ගෙන බවට දැනගත් පසු එම අවස්තාවේ සිට දරුවා ප්‍රසූත කර අවුරුද්දක් යනතුරු කාලය තුල කාන්තාවන් ගෙන් රුධිරය ලබා ගන්නේ නැහැ.අපි ඔවුන්ට උපදෙස් දෙන්නේ එම කාලය තුල රුධිරය දන් දීමට යොමු වන්න එපා කියල .මොකද අපි දන්නවා ගර්භනී කාලයේදී මවට වගේම විශේෂයෙන්ම ගර්භාෂය තුල වැඩෙන දරුවාට ඉතා හොඳ පෝෂණයක් අවශ්‍යයි. එ වගේම දරුවාගේ වර්ධනයට විශේෂයෙන්ම දරුවාගේ මොළයේ වර්ධනයට ඉතාම හොඳ ඔක්සිජන් සැපයුමක් අවශ්‍යයි. එය දරුවාට ලැබෙන්නේ මවගේ රුධිරය හරහා. එම නිසා ගර්භනී කාලය තුල කාන්තාවන් ගෙන් රුධිරය ලබා ගන්නෙ නැහැ.
ඒ වගේම තමයි දරු ප්‍රසූතියේදි කාන්තාවකගෙන් විශාල රුධිර ප්‍රමාණයක් පිට වනවා. මේ හේතුව නිසා මව රක්තහීනතා තත්වයට ගොදුරු වන්න උනත් පුලුවන් .. එ නිසාම යි අපි ඔවුන්ට යකඩ පෙති පවා ගන්න උපදෙස් දෙන්නෙ . දරු ප්‍රසූතියෙන් පසුව දරුවාට මව් කිරි දීම සඳහා මව ඉතා සෞඛ්‍යය සම්පන්න වී සිටීම වැදගත්. එම නිසා දරු ප්‍රසූතියෙන් අවුරුද්දක කාලයක් සම්පූර්ණ වන තුරු කාන්තාවන් ගෙන් රුධිරය ලබා ගන්නේ නැහැ.
අවුරුද්දකට පසුව රුධිරය පරිත්‍යාග කරීමට අනෙකුත් සුදුසුකම් ඇති කාන්තාවන්ට රුධිරය පරිත්‍යාග කරන්න පුලුවන්.විශේෂයෙන්ම ඒ සඳහා කාන්තාවන් සෞඛ්‍ය සම්පන්නව සිටීම වැදගත් . රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමානය හොඳ මට්ටමක තබා ගැනීමට , රක්තහීනතාවයෙන් ආරක්‍ෂාවීමට ඔබ මව් කිරි දෙන කාන්තාවක් විදිහට පෝෂ්‍යදායී , සමබර ආහාර වේලක් ලබා ගැනීම අනිවාර්‍යයයි.
(ලංකාව තුල දරු ප්‍රසූතියෙන් පසු අවුරුද්දක් දක්වා රුධිරය පරිත්‍යාග නොකරන ලෙස උපදෙස් දුන්නත් එය විවිධ රට වල එම කාල සීමාව වෙනස් විය හැකියි)
2. සිසේරියන් සැත්කමකින් දරුවෙක් ලැබුනු කාන්තාවකට ලේ දන් දෙන්න පුලුවන් ද ?
සිසේරියන් සැත්කමකින් දරුවෙක් ලැබීම ලේ දන් දෙන්න බාධාවක් නොවෙයි. දරුවා ලැබී අවුරුද්දක් ගිය පසු ලෙ දන් දෙන්න පුලුවන් .අපි දන්නවා කොහොමත් සැත්කමකට මුහුණ දුන් පසුත් කොහොමත් අවුරුද්දක කාලයක් සිටිය යුතු බව .
3.ගර්භනී කාලයේදී නීරෝගී කාන්තාවන්ට වුනත් රුධිර පීඩනය , දියවැඩියාව ඇති වෙන්න පුලුවන් .. එම කාන්තාවන්ට ලේ දන් දීමට නොහැකිද ?
අපි දන්නවා නීරෝගී කාන්තාවකට ගර්භනී කාලයේදී ඇතිවන අධි රුධිර පීඩනය , දියවැඩියාව වැනි රෝග ඇතැම් විට ගර්භනී කාලය අවසන් වූ පසු එනම් දරු ප්‍රසූතියෙන් පසු නැතිවී යන බව.ත් ඇතැම් විට දරු ප්‍රසූතියෙන් පසුවද දිගටම පැවතිය හැකි බවත්.
දරු ප්‍රසූතියෙන් පසුව එම රෝග තත්ව නැතිවී යන කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් අවුරුද්දකට පසුව රුධිරය දන් දෙන්න පුලුවන් කිසිම බධාබකින් තොරව.
නමුත් දරු ප්‍රසූතියෙන් පසුවත් එම රෝග තත්ව පවතින , දිගටම ප්‍රතිකාර තුල සිටින කාන්තාවන්ට රුධිරය දන් දෙන්න පුලුවන් ද යන්න තීරණය වන්නේ ඇය රෝගය හොදින් පාලනය කරගෙන සිටිනවාද, ප්‍රතිකාර නිසියාකාරව කරනවාද, එම රෝග තත්වයේ සන්කූලතා පැමිණ තිබෙනවාද හ එම මොහොතේ ඇයගේ සෞඛ්‍ය තත්වය පිලිබඳ පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව වේ.එම රෝගයන් ගෙන් පෙලුනත් ඉතා හොඳින් රෝගය පාලනය කරන හොද සෞඛ්‍ය තත්වයෙන් සිටීනම් ලේ දන් දිය හැකිය !
4.ඔසප් සිදුවූ දිනයන් වල ලේ දන් දීමට හැකිද ?
ඔසප් සිදුවූ විට කාන්තාවන් ගේ රුධිර වහනය නිසා ඇතැම් කාන්තාවන් රක්තහීනතා තත්වයෙන් පෙලීමට පවා ඉඩ ඇත.. .
එසේම ඔසප් දිනවල යටි බඩ රිදීම , කොන්දේ වේදනාව , ශරීරික අප්‍රාණික භාවය වැනි තත්ව බොහෝ විට කාන්තාවන්ට ඇතිවිය හැක..
එවැනි කාන්තාවන් ඔසප් දිනවල රුධිරය දන් දුන්නහොත් පසුව ශරීරය තවත් දුර්වල විය හැකිය. .නමුත් සෞඛ්‍ය සම්පන්න , නීරෝගී රුධිරයේ හිමොග්ලොබින් මට්ටම හොදින් පවතින කාන්තාවන්ට ඔසප් දින වලද රුධිරය දන් දිය හැකිය .. නමුත් සියලුම කාන්තාවන් ඔසප් දිනවල රුධිරය දන් දීමෙන් වැලකී සිටිනවානම් වඩා යහපත් වේ. එ වෙනුවට ඔබ වෙනත් දිනයක් තෝරා ගැනීමෙන් ඔබට සිදුවිය හැකි අපහසුතා මග හරවා ගැනීමට මෙන්ම සාර්ථක රුධිර පරිත්‍යාගයකට යොමු වීමටද ඔබට හැකිවනු ඇත.

No comments:
Post a Comment
හොද නරක කියලා Comment එකක් දාලා යන්න හොදේ....