ලේ දන් දීමට අද වන විට බොහෝ පුද්ගලයන් නැඹුරු වුනත් අදටත් සමහර පුද්ගලයන් ලේ දන් දීම පිලිබඳ මිත්‍යා විශ්වාස දරනවා. අද අපි එ පිලිබඳ කතා කරමු.
1.රුධිරය පරිත්‍යාග කිරීම නිසා එම පුද්ගලයාගේ නීරෝගී බව අඩු වනවාද ? සෞඛ්‍ය තත්වය පරිහනියට පත්වනවාද ?
සමබර ආහාර වේලක් ගන්නා නීරෝගී පුද්ගලයකු රුධිරය පරිත්‍යාග කරන නිසා රෝගී තත්වයකට හෝ ඔහුගේ සෞඛ්‍ය තත්වයේ යම් පසු බෑමකට ලක් වන්නේ නැහැ. එවැනි නීරෝගී පුද්ගලයකුට තමාගේ සෞඛ්‍ය තත්වයේ කිසිදු පිරිහීමක් නොමැතිව සෑම මාස 4 කට වරක් රුධිරය පරිත්‍යාග කල හකියි.
2.මාංශ ආහාර වලින් වැලකී සිටින එනම් නිර්මාංශ පුද්ගලයන්ට රුධිරය දන් දීමේදී සෞඛ්‍ය ගැටලු මතු විය හැකිද ?
නැහැ . රුධිර දායකයින් මාංශ ආහාර ගත යුතුම නැහැ.නිර්මාංශී කෙනෙක් උනත් ශාඛමය හෝ සියලුම පෝෂ්‍ය පදාර්ථ අඩංගු සමබර ආහාර වේලක් ගන්නවානම් එවැනි නීරෝගී පුද්ගලයන්ටත් ලේ දන් දීමේ හැකියාව තිබෙනවා. ඔවුන්ටත් සෑම මාස 4 කට වරක් වුවත් ලේ දන් දීමට පුලුවන් !
3.ලේ දන් දීමේදී වේදනාවක් ඇතිවනවාද ?
නැහැ . ලේ දන් දීම වේදනා රහිත කාර්‍යයක්. ඇත්තෙන්ම කටුව සම සිදුරු කරන මොහොතේ ඇතමෙක්ට ඉතා සුලු වේදනාවක් ඇතිවිය හැකි නමුත් ඒ එම මොහොත සඳහා පමණි.
4.රුධිරය පරිත්‍යාග කිරීමේදී රුධිරය හරහා බෝවන හෙපටයිටිස් වැනි රෝග ඇතිවීමේ අවදානමක් තිබෙනවාද ?
කිසිසේත්ම එවැනි අවදානමක් නැහැ.රුධිර දායකයෙක්ගෙන් රුධිරය ලබා ගැනීමේදී සෑම රුධිර දායකයෙක් සඳහාම වරක් පමණක් භාවිතා කරන ජීවානුහරණය කරන ලද අලුත් උපකරණ භවිතා කරනු ලබනවා. එ වගේම ලේ දන් දීමේ වැඩසටහන් වලදී ලේ බැංකුවේ සුදුසුකම් හා පල පුරුද්ද ඇති වෛද්‍ය හා කාර් යය මන් දලයක් මගිනුයි රුධිරය ලබා ගැනීම සිදු කරන්නේ. ඉතින් රුධිර දායකයන්ට එන්නත් කටු , රුධිරය මගින් බෝවන රෝග ඇතිවීමේ අවධානමක් නැහැ රුධිරය දන් දුන්නා කියා.
5.රුධිරය පරිත්‍යාග කරන අය තරබාරු වීමේ ප්‍රවනතාවක් තිබෙනවාද ?
නැහැ ..එහි කිසිම සත්‍යතාවයක් නැහැ.රුධිරය දන් දීම මගින් ශරීරය මහත් වීම හෝ කෙට්ටු වීම සිදු වන්නේ නැහැ .ශරීරයේ කෙට්ටු වීම හෝ මහත් වීම හා රුධිරය දන් දීම අතර එවැනි සම්බන්ධයක් නැහැ.ශරීරයේ කෙට්ටු වීම හෝ මහත් වීම රඳා පවතින්නේ ජානමය හේතු , අපේ ආහාර රටාව , ව්‍යායාම , ශරීර ක්‍රියාකාරීත්වය වැනි සාධක මත..යි.
ඉතින් ඔබත් රුධිරය පරිත්‍යාග කිරීමට සුදුසුකම් තිබියදී මෙවැනි මිත්‍යා විශ්වාස වලට බියෙන් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වැලකී සිටිනවානම් මෙම මිත්‍යා විශ්වාස බැහැර කොට රුධිර පරිත්‍යාගයට දායක වන්න. .
රුධිර පරිත්‍යාග කිරීමෙන් ඔබට සිදුවන වාසි රැසකි.අතිරික්ත යකඩ ශරීරයේ තැන්පත් වීම අවම කරන අතර එමගින් වකුගඩු , අක්මාව,හර්දය ඇතුලු සිරුරේ බොහෝ අවයව නීරෝගීව තබ ගැනීමට රුධිර පරිත්‍යාගය ඉවහල් වේ.
ඉතින් ඔබත් රුධිරය පරිත්‍යාග කිරීමට සුදුසුකම් ඇති පුද්ගලයෙක් නම් ඔබට ලැබී ඇති එ මහගු අවස්ථාව මග හරින්න එපා !

rudiraya dan dimen pasu warthamanayr api gann ahara magin sirurata labena poshanaya adu vimak ho prathishakthikaranyat balapamak sidu viya haki neda?
ReplyDelete