ඔබ ලේ දන් දීමේ වැඩ සටහනක් සන්විධානය කිරීම ඔබේ රැකියා ස්ථානයේ අය සමග හෝ එසේත් නැතිනම් ඔබේ ගමේ ඔබ සාමාජිකත්වය දරන මිතුරු කැළ සංවිධානයක් මගින් කිරීමට අදහස් කරනවා ඇති.
මුලින්ම මේ සඳහා දිනයක් යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ වැඩ කරන ස්ථානයක නම් සතියේ දිනයක් ( වැඩ කරන දිනයක්) යොදා ගැනීම මගින් ද සමාජ සේවා, තරුණ සන්විධානයක් මගින් සන්විධානය කිරීමට බලාපොරොත්තු වන ලේ දන් දීමේ වැඩසටහනක් නම් නිවාඩූ දිනයක සන්විධානය කිරීමෙන් රුධිර දායකයන්ට එය පහසුවක් බැවින් වැඩි රුධිර දායකයන් පිරිසක් දායක කර ගැනීමට හැකිවනු ඇත..
මෙසේ ඔබ දිනයක් තීරණය කල පසු මාසයකටවත් පෙර ,සති අන්තයේ/ නිවාඩු දිනයක සිදු කිරීමට නියමිත ලේ දන් දීමේ වැඩසටහනක් නම් මාස තුනකට පෙර ඒ බව නාරාහේන්පිට ජතික රුධිර මධ්‍යස්ථානයට හෝ ඔබ ප්‍රදේශයේ ලේ බැංකුවට දන්වා ඔවුන් සමග සාකච්ජා කරන්න.. ((
(ඔබ හදිසියේ ලේ දන් දීමේ වැඩසටහනක් සන්විධානය කරන්නට අදහස් කරන්නේ නම් දිනයක් ලබා ගත හැකි වනුයේ ඉඩ කඩ ඇති අයුරිනි)
එම කාලය අතරතුර ඔබට පූර්ව ප්‍රචාරක සහ රුධිර දායකයින් දැනුවත් කිරීමේ කටයුතු සිදු කල හැක.
සාමාන්‍යයෙන් කඳවුර පවත්වනු ලබන්නේ උදේ 9 සිට පස්වරු 3 දක්වා කාල සීමාව තුලයි.රුධිරය ලබාගත් අවස්ථාවේ සිට පැය 6ක් ඇතුලත රුධිරය අවශ්‍ය සංඝඨක වලට බෙදා වෙන්කර අවශ්‍ය පරීක්‍ෂණ වලට ලක් කල යුතු බැවින් ඊට වඩා කාලයක් වැඩසටහන මෙහෙයවීමට නොහැකිවේ.
ස්ථානය කාහටත් පහසුවෙන් ලගා විය හැකි ,පොදු, ප්‍රසිද්ධ ස්ථානයක් නම් එය රුධිර දායකයන්ට පහසුවක් නිසා වැඩි රුධිර දායකයින් ප්‍රමානයක් ඔබට දායක කර ගැනීමට හැකිවනු ඇත.
ප්‍රවාහන පහසුව ඇති ස්ථානයක් විය යුතුයි.
අවට පරිසරය පිරිසිදු විය යුතුයි.
ස්ථිර ගොඩනැගිල්ලක් විය යුතුයි.
ජලය,විදුලිය ,වැසිකිලි සහ අනෙකුත් පොදු පහසුකම් ඇති ගොඩනැගිල්ලක් විය යුතුයි.
මහල් ගොඩනැගිල්ලක නම් බිම් මහල වඩාත් සුදුසු වේ.උඩු මහලක පවත්වන්නේනම් විදුලි සෝපාන පහසුකම් තිබේනම් සුදුසුය.
හොඳින් ආලෝකය සහ වාතාශ්‍රය ලැබෙන ගොඩනැගිල්ලක් විය යුතුය
වැසි වැනි කාලගුණික තත්ව යටතේ උවත් බාධාවකින් තොරව වැඩසටහන පවත්වායාහැකි පරිදි නොතෙමෙන ආරක්‍ෂිත ස්ථානයක් විය යුතුයි.
ඔබ මේ සියල්ල සන්විධානය කරගත් පසු එ පිලිබඳව නාරාහේන්පිට ජතික රුධිර මධ්‍යස්ථානය හෝ ඔබ ප්‍රදේශයේ ලේ බැංකුවට සමග සාකච්ජා කරන්න.. .
ඔවුන් ගේ අදහස් ලබා ගන්න. .
ලේ දන් දීමේ වැඩසටහනකට සම්පාදනය කරගත යුතු අනෙකුත් උපකරණ:
අවශ්‍ය උපකරණ ප්‍රමාණය තීරණය වන්නේ රුධිරය ලබා දීමට පැමිණෙණ රුධිර දායකයන් ප්‍රමාණය මත වේ.එම නිසා ඔබේ ප්‍රචාරක කටයුතු සහ , ඔබ වැඩසටහන මෙහෙයවන සන්විධානයේ ක්‍රියාකාරීත්වය මත කොපමණ රුධිර පරිත්‍යාගශීලීන් ප්‍රමාණයක් සහභාගීවේදැයි යන්න ඔබ විසින් අනුමාන කල යුතු වේ.අවශ්‍ය සම්පත් සකසා ගත යුත්තේ එ අනුවය.
රුධිර පරිත්‍යාගශීලීන් 100ක් සහභාගීවේයැයි අනුමාන කරන වැඩසටහනකට
අවශ්‍ය සම්පත් සහ උපකරණ :
කාර් යාල මේස 5
සාමාන්‍ය පුටු 15
රුධිර පරිත්‍යාගශීලීන්ට වාඩිවීමට ආසන , පුටු , බන්කු (සාමාන්‍යයෙන් 100 පමිනෙන්නේ නම් 30 ක් සඳහා වත් ආසන පහසුකම් නිබිය යුතුයි)ං
විදුලි පන්කා 5
එසේම රුධිර දායකයින්ට සුලු ආහාරයක් හෝ පානයක් ලබා දීමට සුදුසුය .. රුධිරය පරිත්‍යාග කිරීමට පෙර වතුර වීදුරුවක්ද රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසුව තැඹිලි හෝ වෙනත් එවැනි සිසිල් පානයක් ලබා දීමට කටයුතු කරන්නේ නම් මැනවි .. එවිට රුධිර දායකයින්ට ඇතිවිය හැකි කලන්තය වැනි අපහසුතා අවම කර ගැනීමට හැකිවනු ඇත...
මේ සදහා ලබා දියයුතු ආහාර පාන බර නොවන ආහාරයක් හෝ සිසිල් පානයක් වියයුතු අතර සෞඛ්‍ය ආරක්‍ෂිත විය යුතුය !
සන්විධායක කමිටුව විසින් මෙම පහසුකම් සැපයිය යුතු අතර රුධිරය ලබ ගැනීමට අවශ්‍ය සහ අනෙකුත් සියලුම උපකරණ ලේ බැන්කුව විසින් සැපයීමට කටයුතු කරනු ඇත.
මෙසේ ඔබ කටයුතු සංවිධානය කරන අතර තුර ලේ බැංකුව සමග සබඳතා පවත්වා ගැනීම කල යුතු අතර එ සඳහා ඔවුන් ගේ උපදෙස් ඔබට නිරන්තරයෙන් ලැබෙනු ඇත..
ප්‍රජාව දැනුවත් කිරීම සඳහා ඔබට රුධිර මධ්‍යස්ථානය මගින් හෝ අදාල ලේ බැංකු ශාඛාව මගින් පෝස්ටර් සපයනු ඇති අතර මීට අමතරවද ඔබට ප්‍රචාරක කටයුතු සඳහා අන්තර්ජාලය ,ශබ්දවාහිනී යන්ත්‍ර,පත්‍රිකා, බැනර්, පුවත්පත් ,රූපවාහිනී , ගුවන් විදුලි දැන්වීම් ,ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීම ඇතුලු ඔබට හැකි හා පහසු ක්‍රම භාවිතා කල හැකිය.
එසේම ලේ දන් දීමේ කඳවුරකට අප බලාපොරොත්තු වූ සහ සූදානම් වූ ප්‍රමාණයට වඩා රුධිර දායකයින් පැමිණෙන අවස්ථාවක සියලු දෙනාගේ රුධිරය ලබා ගැනීමට රුධිර පාරවිලයන සේවයට නොහැකි වන අතර එවැනි අවස්ථා වලදී ඒ රුධිර පරිත්‍යාගශීලීන් ගේ තොරතුරු ලබාගෙන ඔවුගෙ න් වෙනත් අවස්ථාවක රුධිරය ලබා ගැනීමට ලේ බැංකුව කටයුතු කරනා බැවින් එම තත්වය රුධිර දායකයින්ට පහදා දීමට ඔබ සංවිධාන කමිටුවේ සියලු දෙනා දැනුවත් වී සිටින්න.
පැමිණෙන රුධිර පරිත්‍යාගශීලීන්ට සුහද වීම , ඔවුන්ට යම් ගැටලු ඇත්නම් අදාල පාර්ශව වෙත යොමු කිරීම හෝ විසඳා දීමට කටයුතු කිරීම , රුධිරය ලබා දීමට පැමිණි නමුත් බියෙන් සිටින යමෙක් වේනම් ඔවුන් දිරිමත් කිරීමද ඔබගේ කාර්‍යය වේ.එසේම කඳවුර තුල සාමකාමී වටපිටාවක් පවත්වාගෙන යාමට ඔබ කටයුතු කල යුතුය !
එසේම එදිනට පැමිණෙන පිරිසට ලේ දන් දීමේ වාසි , ලේ දන් දිය නොහැකි තත්ව හා අවස්ථා , ලේ දන් දීම පිලිබඳව ඇති මිත්‍යා විශ්වාස , හා ලේ දන් දීමේ වැදගත්කම වැනි දෑ පිලිබඳ අත්පත්‍රිකා මගින් හෝ සම්මන්ත්‍රණ මගින් හෝ වෙනයම් ආකාරයට දැනුවත් කිරීමට හැකිනම් එය ඉතා වටී.
ඒ මගින් ලේ දන් දීමේ කඳවුරු වලට වෛද්‍ය වරුන් ලේ දන් දීමට නුසුදුසු යෙයි කියන දායකයන්,රුධිරය මගින් බෝ විය හැකි රෝග සහිත පරිත්‍යාග ශීලීන් ගේ පැමිනීම අඩුවන අතර කඳවුරක ගුණාත්මක භාවය ඉහල නංවා ගත හැකිය !
කඳවුර අවසානයේ ලේ බැංකුව සමග එකතුවී වැඩසටහන පිලිබඳ සාකච්ජා කරන්න .. එය ඔබගේ මීලග වැඩසටහන වඩා සාර්ථක කර ගැනීමට රුකුලක් වනු ඇත.
ලේ දන් දීම උතුම් කාර්‍යයකි.ලේ දන් දීමේ වැඩසටහන් සන්විධානයද එවැනිම උතුම් කාර්‍යයකි.තරුණ ඔබත් තරුණ සමාජ සන්විධානයක සාමජිකයෙක් නම් ඔබටත් පහසුවෙන් මෙවන් උතුම් කාර්‍යයකට උර දිය හැක! !
තවත් වැදගත් කරුණක් නම් අනෙකුත් මාස වලට වඩා අප්‍රේල් මාසය තුල උත්සව සමය නිසාදෝ රුධිර පරිත්‍යාගයට යොමුවන පිරිස අඩූ බැවින් මෙම මාසය තුල ලේ බැංකුවට අවශ්‍යතාව සපුරාලීමට තරම් රුධිරය නොලැබෙන බැවින් අප්‍රේල් මාසය තුල ලේ දන් දීමේ වැඩසටහන් වල අවශ්‍යනාවයක් පවතී. ඔබටත් හැකිනම් මෙවන් සත්කාර්‍යයකට උර දෙන්න ඔබත් ජීවිත ගණනාවක් බේරා ගැනීමට දායකවූ උතුම් මිනිසෙකු වේවි !
වැඩි විස්තර සඳහා අමතන්න :
ජාතික රුධිර මධ්‍යස්ථානය
නො:555/5 , ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.
දුරකථන :(011)236 9933 36 හා (077) 727 2985

No comments:
Post a Comment
හොද නරක කියලා Comment එකක් දාලා යන්න හොදේ....